අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

සජීවී ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව​​​ - 2021/05/15

නානාප්‍රකාර වූ දුක්ඛක්ඛන්ධයක්  ඇතිවන්නට හේතු වන කරුණු පිළිබඳ විමංසනාත්මක  දේශනාව  පරිවිමංසන සූත්‍රය - පරිවීමංසනො - පරිවීමංසෙයිය * "ජාති" බවට පත්වීමට  හේතු වූ කරුණු එකිනෙක ආපස්සට පෙන්වා දෙමින්    "බව"  - බව සමුදය - බව නිරෝධය - බව නිරෝධගාමිණී පටිපදාව *උපාදාන,උපාදාන සමුදය,උපාදාන නිරෝධය -  උපාදාන නිරෝධගාමිණී පටිපදාව -  තණ්හා,තණ්හා සමුදය ,තණ්හා නිරෝධය ,තණ්හා නිරෝධගාමිණී පටිපදාව-  වේදනා ,වේදනා සමුදය ,වේදනා නිරෝධය ,වේදනා නිරෝධ නිරෝධගාමිණී පටිපදාව - සංඵස්ස , ඵස්ස සමුදය - ඵස්ස නිරෝධය ,ඵස්ස ගාමිණී පටිපදාව - සලායතන,සළායතන සමුදය, සළායතන නිරෝධය ,සළායතන නිරෝධ ගාමිණී  පටිපදාව - නාම රූප, නාම රූප සමුදය,නාම රූප නිරෝධය ,නාම රූප නිරෝධගාමිණී පටිපදාව - විඤ්ඤාණ, විඤ්ඤාණ සමුදය ,විඤ්ඤාණ නිරෝධය, විඤ්ඤාණ නිරෝධගාමිණී පටිපදාව- සංඛාර, සංඛාර සමුදය ,සංඛාර නිරෝධය ,සංඛාර නිරෝධ ගාමිණී පටිපදාව ලෙස අවිජ්ජා හේතුවෙන්  සංකාර ක්‍රියාත්මක වීමේ සිට සංභවංති  දක්වා වූ පටිච්චසමුප්පාද විග්‍රහය අගසිටමුලටම ගෙන එකිනෙක කරුණ බැගින් චතු අරිය සච්චයට ගලපමින් විගහ කොට වදාල පරිවිමංසන සූත්‍රය *අවිජ්ජා ප්‍රහාණය කොට අභිසංකාර නොකරන,විජ්ජූපාදා වූ තැනැත්තා *පුඥ්ඥාභිසංකාරංවා අභිසංකරෙයිය - අපුඥ්ඥාභිසංකාරංවා අභිසංකරෙයිය - අනෙඥ්ඥාභිසංකාරංවා අභිසංකරෙයිය * පුණ්‍ය කර්ම -  පුඥ්ඥංවේ සංකාරං අභිසංකරෝති • පාප කර්ම - අපුඥ්ඥංවේ සංකාරං අභිසංකරෝති • ධ්‍යාන උපාදානය - අනෙඥ්ඥංවේ සක්කාරං අභිසංකරෝති * කුසල ධම්මං - නිබ්බාණංතී *අභිසංකරෙයිය  නොකරන ඛීණාසව බවට පත්වූ අරහතුන් වහන්සේ * බුද්ධාගම පදනම් වී ඇති ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සහ බුදු දහමේ පදනමවූ ප්‍රඥ්ඥා ,සීල, සමාධි * ප්‍රශ්න >> සංයෝජන සූත්‍රය අනුව අනාගාමී පුද්ගලයෙකුට අනුසය උපදින්නේ නැතිනම් සියලුම  සංයෝජන එකවර ප්‍රහාණය වන බව සඳහන් වුවත් , කෙලේස පරිනිබ්බාණ සූත්‍රය අනුව අනාගාමී පුද්ගලයෙකුට අනුසය උපදින්නේ නැති නමුත් උප්පත්ති හෝ බවපටිලාභ ඇතිනම්  සංයෝජන එක්වර ප්‍රහාණය නොවන බවත් ඇති බැවින් මේ සූත්‍ර දෙකේ ඇති අදහස තේරුම් ගන්නේ කෙසේද * මාගධි බසේ කාය ලෙස හැඳින්වෙන්නේ සිංහල  භාෂාවේ  ඇති කය  නොවන බව දේශනා කොට ඇති නමුත්, ශරීරයෙන් කෙරෙන දුෂ්චරිත වලට කාය දුෂ්චරිත ලෙස කියන්නේ ඇයි *  සතරසති පට්ඨානයේ දුක්ඛ සච්ච නිද්දේසයේ "ව්‍යාධිපිදුක්ඛා"  යන්න සඳහන් නොවන්නේ ඇයි * පටිච්චසමුප්පාද ධර්මයට අනුව "චිත්ත -  චෛතසික" ගැන විග්‍රහ කර දෙන්න * සංස්කෘත බසින් බුද්ධ වචනය භාවිතා කිරීම නිවන් දැකීමට බාධා වන හේතුවක් වේද * එදිනෙදා ජීවත් වීම යනු හේතුවලට උරුම ඵල ගෙවමින් ගමන් කිරීම නේද - එය අජ්ජත්තයේ උප්පජ්ජති වන හේතු නිසාම උපදින ශක්තියක් නේද *  ලංකාව ලෞකික ලෙසින්  සංවර්ධිත ‍රටක් ලෙසින් විශාල  ලෙස දියුණුවකට පත් කරන්නට නොහැකිවන්නේ එය ආධ්‍යාත්මික වශයෙන් දියුණු වීමට නියමවූ රටක් නිසා සහ තවමත් බුද්ධොත්පත්ති කාලයක් වීම නිසා ද * ධ්‍යානයක් ලැබීමේදී සිතට දැනෙන වෙනස පැහැදිලි කරන්න. * සමාජය පුරා කොරෝනා වෛරසය මෙතරම් පැතිරයාමට හේතුව සමාජය ඉතාම දූෂිත ලෙසින් කටයුතු කිරීමට විරුද්ධව සොබාදහම ආයුධ අතට ගැනීමක්ද * වංචා සහගත පුද්ගලයින් කරන ප්‍රතිකාර මෙවන් වසංගත වැලැක්වීමට සඳහා භාවිතා කිරීමෙන් ඵලක් වේද * මලක් දැක රූප වේදනා සංඥා සංකාර පසුකොට විඥ්ඥාණ තත්වයට පත්වන්නේ විඳ්ඥාණයෙන්ම මල දැකීම නිසාද * සසංකාරික - අසංකාරික  හෝ සුද්ධාවාස තත්වයෙහි සිටිනා පුද්ගලයන් තුළත් තවදුරටත් අස්මිමානය තිබේද *  විඥ්ඥාණ කාය යනු අවසාන මොහොත දක්වාම පංචස්කන්ධය උපයෝගි කරගනිමින් පැවැත්ම පවත්වාගෙන යන අවස්ථාවක්ද * විඥ්ඥාණ කායේ ක්‍රියාකාරීවය මැනැවින් තේරුම් ගෙන ප්‍රඥ්ඥාවෙන් යුතුව අනුසය බිහිවෙන්නට එද්දීම නානුසේති කරන විට නගති තත්වයට පත්වේද- නගති තත්වයේ ස්වභාවය කුමක්ද * අනරිය ධ්‍යාන ලැබූ අයට තම පූර්ව ජීවිත පිළිබඳව දැක්මක් ලැබී සසර විඳි දුක වැටහී ඒ අනුව නිවන් මඟ පූරණය කරගැනීමට කටයුතු කළ හැකිද - අරිය මඟ යන පිරිසෙන් කොටසකට පමණක් ධ්‍යාන වැඩෙනවාද - අරිය ධ්‍යාන වැඩුනත් නිබ්බාණ මඟ පූරණය සඳහා සතරසතිපට්ඨානය අනුගමනය කළ යුතුද * අවිජ්ජාමුල පටිච්චසමුප්පාද විග්‍රහයේ නාමරූප යන්නට "ඵස්ස"  යන්නද ඇතුලත් බැවින් නාමරූප සහ නිවන් මඟට හේතුවන තැන "ඵස්ස" අතර වෙනස්කම් පහදා දෙන්න * කෙලේස පරිනිබ්බාණ සූත්‍රය ඇසුරින් අනාගාමී උතුමෙකු  සංයෝජන උදුරා දැමීම පිළිබඳ  පැනයක් >>>

විශාලා මහනුවර ඇති වූ තුන්බිය සහ කොරෝනා වසංගතය |මහ අරහතුන් වහන්සේගේ පණිවිඩය[2021-05-14]

කිලෙසපරිනිබ්බාන සුත්තං(II) - සජීවී ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව​​​ - 2021/05/09

සංතොසංවිජ්ජමානාවූ,තිප්පා පටිපදා දෙදෙනෙක් සහ ධඥ්ඥා පටිපදා දෙදෙනෙක්  ලෙස පුද්ගලයින් සිව් දෙනෙක් ගැන* # තිප්පා පටිපදා>>1)ඒකච්චො පුග්ගලෝ ,, "දිට්ඨෙව ධම්මෙ සසංකාර"පරිනිබ්බායී හෝති 2)ඉදපන භික්ඛවේ ඒකච්චො පුග්ගලෝ "කායස්සභේදා පරංමරණා සසංකාර" පරිනිබ්බායී හෝති නආගාමී . # ධඥ්ඥා පටිපදා>>1)ඉදපණභික්ඛවෙ ඒකච්චො පුග්ගලෝ "දිට්ඨෙව ධම්මෙ අසංකාර" පරිනිබ්බායී හෝති * 2) ඉදපණභික්ඛවෙ "කායස්සභෙදා අසංකාර" පරිනිබ්බායී හෝති.********** * " දිට්ඨෙව ධම්මෙ සසංකාර" පරිනිබ්බායී හෝති අනුගමනය කරන මඟ:-- "ඉද භික්ඛවේ අසුභානුපස්සී •ආහාරෙහි පටික්කූල සංඥේ  •සබ්බලොකෙ අනභිරත සඥ්ඥේ• සබ්බ සංකාරේසු අනිච්ච අනුපස්සී මරණ සඥ්ඥේ විහරෙය්ය * ජීවිත කාලය තුලදීම  තිප්පා පටිපදාවෙන් කෙලෙස් මුල් කැපීමෙන්, සොඉමානි පංචසේඛබලාය උපනිස්සාය විහරති - තස්සිමානි පංචඉන්ද්‍රියානි "අධිමත්තතානි පාතුභවන්ති" ලෙසින්  දිට්ඨෙව ධම්මෙ සසංකාර පරිනිබ්බායී හෝති කොට කෙලේස පරිනිබ්බායී තත්වයට පත්ව අනාගාමී ඵලයට පැමිණේ. * කායස්සභේදා සසංකාර පරිනිබ්බායී හෝති  මඟ:-- •ඉද භික්ඛවේ අසුභානුපස්සී •ආහාරෙහි පටික්කූල සංඥේ, •සබ්බලොකෙ අනභිරත සඥ්ඥේ• සබ්බසංකාරේසු අනිච්චඅනුපස්සී මරණ සඥ්ඥේ විහරෙය්ය . * පංචසේඛබලාය උපනිස්සාය විහරති - තස්සිමානි පංචඉන්ද්‍රියානි අධිමත්තතානි ලෙස නොව මුදුතා ලෙසින් කායස්සභේදා - ජීවිතය අවසන්වී මරණයට පත්වෙද්දී   "සසංකාර පරිනිබ්බායී හෝති'' ලෙසින් කෙලේස පරිනිබ්බාණයෙන් අනාගාමී බවට පත් වේ.) ************* *"දිට්ඨෙවධම්මෙ අසංකාර පරිනිබ්බායීහෝති" *ඉදභික්ඛවෙ විවිච්ච කාමෙහි,විවිච්චපාපෙහි අකුසල ධම්මෙහි සවිතක්කං සවිචාරං පීති සුඛඒකාග්ගතා,පඨම,දුතිය,තථිය ,චතුත්ථ ධ්‍යානං ලෙසින් අරිය ධ්‍යාන ලබයි* "පංච සේඛ බලානි උපනිස්සාය"ලෙස බලධර්ම   "අධිමත්තානි පාතුබලංති" ආකාරයට  අධිමත්තතානි ලෙසගැන්වේ * ධඥ්ඥා පටිපදාවෙන් ජීවිත කාලය තුලදීම කෙලේස පරිනිබ්බායී කොට අසංකාර පරිනිබ්බායී හෝති ලෙසින් අනාගාමී බවට පත්වේ. * "කායස්සභේදා පරම්මරණා අසංකාර" පරිනිබ්බායීහෝති *ඉදභික්ඛවෙ  විවිච්ච කාමයෙහි,විවිච්ච පාපේහිඅකුසල ධම්මෙහි, සවිතක්කං සවිචාරං පීති සුඛ ඒකග්ගතා සහිතවූ පඨම,දුතිය,තථිය,චතුත්ථ ධ්‍යාන ලබා "පංචබලානි බලගැන්වීම අධිමත්තානි ලෙස නොව මුදුතා ලෙසින්  බල ගැන්වීමෙන්, කායස්සභේදා පරම්මරණා ආකාරයට මරණයට පත්වන අවස්ථාවේ කෙලේස පරිනිබ්බායීවී අසංකාර පරිනිබ්බායී ලෙස අනාගාමී බවට පත්වේ*** දස්සනා පහාතබ්බා වූ සෝතාපත්තියට පත් පුද්ගලයා කිසිසේත්ම සතර අපායේ නූපදී * කෙලේස පරිනිබ්බායී හෝති වූ , නැවත අනුසය බිහිවීම නැවැත්වූ පුද්ගලයා - සතර අපාය, කාම ලෝක හෝ සුගති ලෝකවල නූපදී * මිනිස් ලොව නැතිව සුද්ධාවාස හෝ අසංකාරික හෝ සසංකාරික අන්තර්භවික ලෙස  පැවැත්ම ගෙවී ගොස් ගමන අවසන් කරයි* අරහතුන් වහන්සේ අනුපාදිසේස පරිනිබ්බායී  බවට පත්වී අවසන් බැවින් ආයුසය අවසන් වී සව්පදිසේස පරිනිබ්බාණ යෙන් පැවැත්ම අවසන් කරයි * ප්‍රශ්න >> ආහාරෙහි පටික්කූල සඥ්ඥෙ පිළිබඳ පහදා දෙන්න * කෙලෙස පරිනිබ්බාන - අනුපදිසේස පරිනිබ්බාන සහ  - සව්පදිසේස පරිනිබ්බානයේදී   අතහරින්නේ උපාදානය කරගැනීමද* අනාගාමී ගන්ධබ්බ පුද්ගලයා ආහාර  නොගන්නා නිසා ගන්ධය අබ්බ කරනවාද * කෙලේස පරිනිබ්බාණ සූත්‍රයේ බලධර්ම පහ තුල සඳහන් වන "ඔතප්ප බල" යනු පහදා දෙන්න * සකෘදාගාමී අනාගාමී ඵල සඳහා බුද්ධ ශක්තියට අනුගත වීම අවශ්‍යද * ඕරම්භාගිය සහ උද්දම්භාගිය සංයෝජන ගැන තව දුරටත් පහදා දෙන්න* යම් අයෙක්  අප ඉදිරියේ ක්‍රෝධයකින් වැඩකරද්දී අප මෛත්‍රී සිතින් කටයුතු කලොත් එහි ගුණය ඒ අයටත් බලපානවාද *  අනාගාමී පුද්ගලයා අතින් අනුසය බිහි නොවන නිසා ආනපාන  නොකෙරේද *  අනුපරිවත්තංති යන්න පහදා දෙන්න * සංථාන විතක්ක සූත්‍රය ඇසුරින් සහ සයදොරින් වැගිරෙන කෙලෙස් පිළිබඳ පැන දෙකක්  * අසංකාරික සහ සසංකාරික යන අවස්ථා දෙක ගැන පහදා දෙන්න * දානයක්  දීමෙන් ආයු වර්ණ,සැප මෙන්ම බල, ප්‍රඥ්ඥාවත් ලැබේද * පරිනිබ්බාණය වන ආකාර සියල්ල මඟඵල ලැබූ උතුමන්හට බැවින්, බුද්ධ දේශනාවෙහි අපවත්වීම ගැන  සඳහන් වන ආකාරය ගැන  පහදා දෙන්න * අජ්ජත්තය වෙනමත්  බහිද්දය වෙනමත් දැනේ - පිරි හෝ අපිරි  එම නිසා නොදැනේ- කාමරාග පටිඝ වලින් මිදීමට එය පහසු වක් නේද * දුක්ඛ වේදනාවේ අනිච්ච බලන්නේ කෙසේද - දුක්ඛ වේදනාවේ ආස්වාදය ,ආදීනව නිස්සරණය කුමක්ද - දුක්ඛ වේදනාවේ අස්සාදයක් තිබේනම් ස්පර්ශ ආයතන හයටම වේදනාව ගෙනදෙන අපායගාමී සත්වයින්ද   දුක්ඛ වේදනාවේ ආස්වාදයක් විඳිද * මනුස්ස ලෝකයේදීම අනාගාමී වන කෙනෙක් අසංකාරික හෝ සසංකාරික ලෙස නිබ්බායි වන පුද්ගලයෙක් විය යුතුයි නේද * කාම ලෝකයක සිටින අයට අනුසය උපදිනවා නේද *අනාගාමි උත්තමයා තුල අවිජ්ජා අනුසයවත් සකස් වන්නේ නැද්ද * කසීභාරද්වාජ බමුණා ගැන දේශනාව අසද්දී ඔහුගැන යම් ද්වේශයක් සිතේ මැවෙනවා, එය රූප රාගයක් නොවේද * විදේශයක ජීවත් වන බැවින් අරිය උතුමන් අභිමුඛව ධර්මය අසන්නට තවමත් නොහැකි වුවත්, ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් කීපයක් අසද්දීම කිසිදු අපහසුවකින් තොරව සියලු දේශනා මැනැවින් පසක් දේශනා සවන්දෙමින්ම ඉතාම නිවැරැදිව මාර්ගය අනුගමනය කරමි -  ධම්ම උද්ධච්ච විග්ගහිතමානසං ක්‍රමයෙන් නිවන් දැක ගැනීමට හැකිවේද * කාම, ව්‍යාපාද  විහිංසා,යන  විතක්කවිචාර ගැන පහදා දෙන්න * පටිසංභිදා මග්ගපාලියේ  සක්කාය දිට්ඨියත් අත්ථානුදිට්ඨියත් එකම ආකාරයට සඳහන් කොට ඇත - සෝතාපන්න ඵලයට පත්වූ කෙනාගේ සක්කාය දිට්ඨිය ඉවත්වීම සමඟම අත්‍ථානුදිට්ඨියත් ඉවත් වේද * දුෂ්චරිතයක් මතුවන විටම, සුචරිතයේ පිහිටා රාග,ද්වෙශ මෝහ ඉවත් කරන විට  සතර සතිපට්ඨානය වැඩී සත්‍තබොජ්ජංගම වැඩෙනවාද* අනිමිත්ත,අප්පණිහිත,සුඥ්ඥත,    විමෝකෝ වලට ලඟාවීමට, එම සමාධි හරහා මඟ වැඩෙන්නේ අනාගාමී ඵලයෙන් පසු  මඟවඩන අරිය උත්තමයන්ට පමණද - එම සමාපත්ති වැඩෙන්නේත් ඒ අවස්ථාවේමද * චුල්ලකම්මවිභංග සූත්‍රයේ සෝතෙන, කම්මේන,ඒවං සමතේන,  ඒවංසමාධියෙන, ඒවංකායස්සභේදා පරංමරණං යන්නෙහි "කායස්සභේදා පරංමරණං" යන්න සිංහලෙන් ඇත්තේ "කාබුන්මරණය" ලෙසයි, එය පැහැදිලි කර දෙන්න >>

සජීවී ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව​​​ - 2021/05/08

සුතවත් අරියසාවකයා සහ අස්සුතවත් පෘතග්ජන පුද්ගලයා * අජ්ජත්තික සහ බාහිර ලෝක පැවැත්වීම  * සංවර- සංසිඳීම - සංමා නොවී, අයෝනිසෝමනසොකාරයෙන් කටයුතු කිරීම * සලායතන ක්‍රියාත්මක කරමින් මඥ්ඥතාවයෙන්,තණ්හාවෙන් උපාදානය කරගත් දේ තුල විපරිණාමය නොදකින, සමුදය නිරෝධය නොදන්නා, අස්සුතවත් පෘතග්ජන පුද්ගලයා * පින් අභිසංකාර සහ  ධ්‍යාන උපාදානය කරගැනීම නිසා නිවන් මඟ වසාගැනීම * සසරගමනේ පැවැත්මට කර්ම බීජ පොදියක් සකසාගැනීම**** සෝතාපත්ති අංග සතර පූරණය කරගත් සද්දස්ස කුලපුත්තස්ස පුද්ගලයා * සක්කාය නිරෝධ ගාමිණී පටිපදාවේ යෙදෙන සුතවත් අරිය සාවකයා * සංමාදිට්ඨියට පත්වීම * ඉන්ද්‍රිය ධර්ම සහ බලධර්ම මතුවීම සහ  ක්‍රියාත්මක වීම * තීනි සුචරිතයේ පිහිටීම *උභතෝභාග විමුක්තිය ගැන දැක්ම * සතරකමටහන් ආනපාන සති සමාධි ලෙසින් නිවැරැදිවත් ප්‍රායෝගිකවත් වැඩීම *සංමාඅංග පූරණය  සහ චතුඅරිය සච්ච යථාභූත ඥාණයෙන් දැක ගැනීම, සංමා ඥාණ - සංමා විමුක්තිය පූරණය කෙරෙහි කැප වීම * සප්ත බොජ්ජංග පූරණය කරගැනීම - දුකින් මිදී නිදහස් වීම >>> * අනතිවත්ථනාට්ඨෙන භාවනා යන්න පහදා දෙන්න * ඒතංසංතං ඒතං පණීතං යන්නෙහි "පනීතං''යන්නත්, "සංවේජනීයානං" යන්නෙහිත් ඇත්තේ එකම අරුතක්ද * උභය අර්ථ සාධනය යනු පහදා දෙන්න * අක්ඛණ සූත්‍රයේ පෙන්වන දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් මිදීම සුතවත් අරියසාවකයෙක් වීමට කොතරම් උපකාර වේදැයි පහදා  දෙන්න * මෝහය ඉවත් කිරීමට මරණානුස්සතිය සහ බුද්ධානුස්සතිය වඩන ආකාරය පැහැදිලි කර දෙන්න * බාහිර පුද්ගලයෙක් කෙරෙහි ද්වේෂයක් ඇතිවූ විට, මෙත්තානුස්සතිය වඩන ආකාරය වැටහුනත්,වෙනත් අරමුණක් හෝ සිදුවීමක්  කෙරෙහි ද්වේෂයක් ඇති වූ විට එය වටහා ගන්නේ කෙසේද * නාම රූප තවදුරටත් පහදා දෙන්න * උදයංගම,අත්තංගම,අස්සාද , ආදීනව, නිස්සරණ අතරින් අත්තංගම යනු අතුපතර විහිදීමද, නැතහොත් අත්ථ ලෙස ගැනීමද * අභිංඥාතං- අභිඥ්ඥෙයිය - අභිඥ්ඥාතංතී වන අවස්ථාවේදී සමුදය නිරෝධ කළහැකි දැයි පහදා දෙන්න *කායේකාය අනුපස්සනා නොකරන  කෙනාගේ චිත්තය ආතුරකායෝ - ආතුරචිත්තො - ලෙසින් ,ආතුර වෙනවාද * ආහාරපාන ලබා ගැනීමේදී මවට හා බිරිඳට ණය වීමක් පිරිමියෙක් ලෙස සිදුවේ, මේ ණයෙන් නිදහස් වීමට දිනපතා ඒ ඒ අවස්ථාවේ පින් අනුමෝදන් කිරීම හෝ දිනපතා නින්දට යාමට පෙර පින් අනුමෝදන් කිරීම කළයුතු ආකාරය පහදා දෙන්න * ධර්ම ඥානය ලැබේවා, චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා !! යැයි පැතීමත්  තණ්හාවක් වේද * නකුලපිතු සූත්‍රයේ දේශනා වන්නේ අට්ඨානුදෘෂ්ඨිය ගැනද * සම්මා දිට්ඨික දෙවිවරුන් විසින් පින් කර ගත හැකිද * බුදුන් වහන්සේ දෙසූ දහම  නැවත සැරියුත් අරිහතුන් වහන්සේ විස්තර කළ අවස්ථා වල දේශනා කිරීමට පෙර කියන සංඛිත්තේන සහ සංඛිත්තේන පංච  උපාදානස්කන්ධා දුක්ඛා යන්නෙහි එන සංඛිත්තේන යන්න පහදා දෙන්න * රූපංවා සහ රූපවන්තංවා යන පද දෙකේ අරුත පැහැදිලි කර දෙන්න * සෝතාපන්න මාර්ග පටිපදාව වඩමින් යන අයෙකුට හිරිවඩුන්න බෝධිය වෙත යාමට පෙර මරණයට පත් වුවහොත් යම් අඩුවක් වේද * බුදු පියාණන් අවසාන දානය වළඳන්නේ වර්තමාන හම්බෙගමුව විහාරය තිබෙන ස්ථානයේදීද * අදුක්ඛමඅසුඛ වේදනාව සම්බන්ධයෙන් චූලවේදල්ල සූත්‍රය ඇසුරෙන් පැනයක් * ඡඡක්ක සූත්‍රයේ  අදුක්ඛමඅසුඛ වේදනාව ගැන සඳහන් වන ආකාරය පිළිබඳව පැනයක් * චුල්ලහත්තිපදෝපම සූත්‍රයේ සඳහන් වන  සංදේස්සේති සංමාදපෙති, සමුච්චේදේති සංපහංසේති වන ඥාණ පද හතරේද පෙන්වා දී තිබෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයම නොවේද * ඇස,කණ,නාසය,දිව,කය, මන,  හයට අරමුණ වනසෑම  සිතුවිල්ලක්ම  අනිච්ඡ දුක්ඛ අනත්ථ ලෙස බලා අනුපස්සනා කළ යුතුද යන්න පැහැදිලි කර දෙන්න * සමහර සූත්‍ර වල  යක්ඛාදේවා,යක්ඛා භූතා ලෙස සඳහන් වීම ගැන පහදා දෙන්න * අරහන්ත සූත්‍රයේ සඳහන් වන විදිත්වා,අනුපාදා, විමුක්තෝ යන්නෙහි "විදිත්වා" යනු කුමක්ද >>>

12. බුද්ධ භාවනා - මීරිගම (2021-04-09 am)

11. බුද්ධ භාවනා - මීරිගම (2021-04-08 pm)

නකුලපිතු සුත්තං - සජීවී ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව​​​ - 2021/05/02

නකුල පිතූ නම් වියපත් උපාසකයාගේ ඉල්ලීම අනුව "ආතුරකායෝ" සහ "ආතුර චිත්තෝ" පිළිබඳව බුදුපියාණන් කළ දේශනාව,නැවත සැරියුත් මහ අරහතුන් වහන්සේ විසින් දීර්ඝව විස්තර කිරීම * කායේ කාය නිසා සිරුර "ආතුරකායෝ" ලෙසින් රෝගී වීමෙන් නිවන් මඟට බාධාවීම වලක්වා ගැනීම පිණිස -  සතෝ චිත්තං අනාතුරං භවිස්සතිතී ලෙසින් සිත නීරෝගීව සුවපත් කරගෙන නිවන් මඟ පූරණය කරගතයුතු  ආකාරය පෙන්වා දීම * කායේ කාය නිසා ආතුරකායෝ ආතුර චිත්තෝ වීමට හේතු* අරියානං අදස්සාවී -අරියධම්මස්ස අකෝවිදෝ -අරියධම්මෙ අවිනීතෝ  - සප්පුරිසානං අදස්සාවී - සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ- සප්පුරිස ධම්මේ අවිනීතෝ වූ අස්සුතවත්පෘතග්ජන පුද්ගලයා * රූපං අත්ථතෝ සමනුප්පස්සති *  රූප වන්තංවා අත්ථානං - අත්ථනිවා රූපං  රූපස්මිංවා අත්ථානං  ලෙස සතර ආකාරයකට  රූපං පිළිබඳ  වැරදි දැක්ම* රූපයේ විපරිණාමය නොදැක මගේ කොට ගෙන තණ්හාවෙන් බැඳීම * රූප විපරිණාම මඥ්ඥතාභාවා වා සෝක,පරිද්ව,දුක්ඛ, දෝමනස්ස, උපායාසා  බිහි කරගැනීම  *  ඒ ආකාරයටම,රූප-  වේදනා - සංඥා - සංකාර -  විඥ්ඥාණ - යන පංචස්කන්ධයම  පිළිබඳව වැරදි  මැනීමකින් තමාගේ කොට  උපාදානය කර ගැනීම * අනුසය  - සමුදය බිහිවීමෙන් - සක්කාය සමුදය ගාමිණී පටිපදාව ක්‍රියාත්මක වීම අනුව "ආතුරකායෝ" වීම *  "නචආතුරචිත්තෝ" වීමට නම්,,,සුතවත් අරියසාවකයෙක් ලෙසින් , න රූපං අත්ථතො සමනුප්පස්සති - න රූපවන්තංවා අත්තානං - න අත්ථනිවාරූපං - න රූපස්මිංවා අත්‍තානං ලෙසින් ක්‍රියාත්මක වීමෙන්*  අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථාභූතං පජානාති වීමෙන්,යදනිච්චං තංදුක්ඛං බව දැකීමෙන් උපාදානය කරගැනීමෙන් මිදී  නිදහස් වීම * සක්කාය නිරෝධ ගාමිණී පටිපදාව ක්‍රියාත්මක කිරීම *  "න ආතුර චිත්තෝ"  ලෙසින් සිත රෝගීබවට පත්වීමෙන් මිදීම *  "න ආතුර චිත්තෝ" වීමටනම්  බාහිර ලෝකය නොව තමාගේ සිත තුළ  සමුදය බිහිවන ආකාරය දැක නිරෝධ කළයුතු බව * අනුසය උප්පජ්ජති වීමට එද්දිම සතර කමටහන් වැඩීමෙන් නානුසේති කිරීමෙන් "නආතුරචිත්තෝ " වී, නිවන් මඟ පූරණය කර ගැනීම * *පසේ බුදුවරුන් වහන්සේලා පටිච්චසමුප්පාදය, චතු අරිය සච්ච, තිලක්ඛණය, මේ යයි  ධර්මතාවයෙන්ම  අවබෝධ කරගන්නවාද - නාමික වශයෙනුත් ඒවා හඳුනා ගන්නවාද * අපගේ සිත තුල යමක් තදින් ගබඩා වීමට හේතුව එම කරුණ පිළිබඳව සංඛාර උපදවා  අනුසය සහ ආසය ලෙස තැන්පත් වීම ද *උග්ඝටිතඤ්ඤ කෙනෙකුට ධම්මඋද්දච්චවිග්ගහිත මානසං ක්‍රමයට නිවන් දැකීමට හැකිවන්නේ  ලොව්තුරා බුදුවරයෙකු  හෝ අරහතුන් වහන්සේ කෙනෙකු අභිමුඛයේදී පමණද * සබ්බේ සංඛාරා අනිච්චාති යන්නෙහි "සබ්බේ සංඛාර" වලට අකුසල මූල සහ කුසල මූල සංඛාර දෙකම අ‍යත්ද * මාගධී ශබ්ද සංඥා ප්‍රකරණ පොත පිළිබඳව පැහැදිලි කර දෙන්න *අරිය උතුමෙක් ප්‍රත්‍යක්ෂව අවබෝධ කළ දහම, වෙනත් අයද අසා දැන ඒ අය විසින් අනුගමනය කොට දැක ගතයුතු ලෝකෝත්තර ධර්ම මාර්ගය අණපනත් වලට හෝ දණ්ඩනයකට යටත් කර දේශනා කිරීමට සහ සවන් දීමට හැකියාවක් තිබේද * රාග සිතිවිල්ලක් එනවිට අසුභානුස්සතිය හෝ අසුභ භාවනාව කරන ආකාරය නොදනිමි  - සම්මත ස්වාමීන් වහන්සේලා කියන ආකාරයට ශරීරය පිළිකුල් කරමින් අසුභ භාවනාව වැඩීමේදී සිතට ද්වේශයක් උපදින බැවින් අසුභානුස්සතිය නිවැරදිව වඩන ආකාරය පහදා දෙන්න * මරණයෙන් පසු උපතක් සඳහා ගමන් කිරීමේදී ඒ සමඟ  විඥ්ඥාණය ගමන් කරනවා ද * මනෝමය කාය සහ විඥාණය අතර ඇති සම්බන්ධතාවය තවදුරටත් පැහැදිලි කර දෙන්න * වේදනාවේ විපරිණාමය පැහැදිලි කර දෙන්න * සුද්ධාවාසයේ උප්පත්තිය ලබන්නේ අරිය දැහැන් වැඩු අනාගාමී අරිය සාවකයන් පමණක්ද - සතර කමටහන් වඩා අනාගාමී ඵලයට පත්වූ අරිය සාවකයන් සුද්දාවාසයට නොයන්නට හේතුව කුමක්ද * පංච නීවරණ ප්‍රහාණය  ධම්මඋද්දච්චවිග්ගහිත මානසං ආකාරයට ප්‍රහාණය වන්නේ සතර සතිපට්ඨානයේ කායේ කායානුපස්සනාව  වඩන විටද * හෙළ ගැමි වහරේ ඇති නමෝවිත්තියෙන් යන පදය සහ පන්සිල් ගැනීමට පෙර අප කියන නමෝතස්ස භගවතෝ ගාථාව තුල ඇති "නමෝ" යන පද දෙක අතර ඇති සම්බන්ධතාවය කුමක්ද * පංචේන්ද්‍රිය - සළායතන - සහ සිංහල භාෂාවේ ඇති -පසිඳුරන් - යන වචන අතර සමාන හා අසමානතා ගැනත් ධර්මාර්ථ ගැනත් පහදා දෙන්න *  පටිසංභිදා මග්ගප්පාලියේ අභිඥ්ඥෙයිය කොටසේ  ඛණ ඛය ඛීණා ගැන ඇති  විග්‍රහය ඇසුරින්  සමුච්ඡේදට්ඨේන ඛයේ ඥාණං අභිඥ්ඥෙයියං - පටිපස්සත්ථට්ඨෙන ඛයේ ඥාණං අභිඥ්ඥෙයියං ලෙස අරුත් දක්වා ඇත්තේ කුමක්ද *  ජීවමානව සිටි සමයේ දී සමහර පුද්ගලයන් ගැන බුදු පියාණන් විසින්ම,මේ මේ පුද්ගලයන් මේ මේ තරම් ජාති ගතකරන බවත්,මේ මේ ආකාරයට ඉදිරියේදී නිවන් මඟ පසක් කරන බවත්  දේශනා කළ බව අසා ඇත, එවන් අයට පෙර කම්මාවරණ නිසා බුදුන් ජීවමානව සිටියදීම නිවන් මඟ ඇහිරුණාද යන්න පිළිබඳව පහදා දෙන්න * සෝතාපත්ති අංග 4 සහ පරතෝඝෝෂක ප්‍රත්‍යය පිළිබඳව බුද්ධ දේශනාවේ සඳහන් වන තැන් මොනවාද >>>>  

සජීවී ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව​​​ - 2021/05/01

සක්කාය - සක්කාය සමුදය ගාමිණි පටිපදාව - සක්කාය නිරෝධ ගාමිණි පටිපදාව * පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය * විපරිණාමයේ අවස්ථා පහ -  සමුදයංච, අත්තංගමංච, අස්සාදංච, ආදීනවංච, නිස්සරණංච, පිළිබඳ ,"යථාභූතං නප්පජානාති" නම් ඔහු බුද්ධශ්‍රාවකයෙක් නොවන බව සහ  "යථාභූතං පජානාති" වූ උත්තමයා සැබෑ බුද්ධ ශ්‍රාවකයෙක් බව* විපරිණාමයේ අවස්ථා පහම යථාභූතං පජානාති වූ උපාදානයෙන් මිදී නිදහස් වන මඟ යථා පරිදි දැක සංමාදිට්ඨියට පත්වූ  සෝතාපන්න අරිය සාවකයා  *  සමුදයංච,අත්තංගමංච,අස්සාදංච ආදීනවංච නිස්සරණංච "යථාභූතං විදිත්වා අනුපාදා විමුක්තෝහෝති" වූ අරහතුන් වහන්සේ * පින සහ ධ්‍යාන වුවද  උපාදානය කරගැනීමෙන් නිවන වැසන බව * පුඥ්ඥපාප පහීනස්ස කොට සබ්බූපදි පජහහති වියයුතු බව * දෙව් මිනිස් සැප කෙළවරට නිවන කල් දැමීමේ වරද * සංසාර බාණින් මිදී නිබ්බාණ වීම හෙවත් "අනුපාදා විමුක්තෝ " වීම සඳහාම  බුදුපියාණන් දේශනා කළ බුදු දහම * මරණානුස්සති සහ මරණසති අතර වෙනස දැකිය යුතු බව * >>සේවකයින්ගෙන් ප්‍රමිතියට නිවැරැදිව වැඩ කරවා ගැනීමේදී යම් අවස්ථා වල වේගයක් එන බව දැනේ,එය වරදක්ද -  ඊට කළයුතු දේ කුමක්ද * මේ වකවානුව තුල සිදුවන්නේ කල්ප විනාශයක්ද * අනත්ථ ධර්මතාවයත් ,විපරිණාම ධම්මතාවයත් අතර වෙනස කුමක්ද * විශ්ව ශක්තිය ගැන කෙටියෙන් පහදා දෙන්න * ලෞකික සංමා සමාධිය සහ ලෝකෝත්තර සංමා සමාධිය අතර වෙනස කුමක්ද * සාංඝික කළ දේවල් ගිහියකු විසින් භාවිතා කිරීමෙන් ඔහුට පාපයක් සිදු වේද *  සමුදයංච, අත්තංගමංච ආදීවූ විපරිණාමයේ අවස්ථා පහ ගැන තවදුරටත් පහදා දෙන්න *සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනෙකුගේත් සෝවාන් ඵලයට පත් වූ කෙනෙකුගේත් අතර වෙනස කුමක්ද *පුද්ගලයෙකු පින් කළ පමණින් සුගතියක් ලැබේද, ඊළඟ ජාතිය සැකසෙන්නේ ඔහු සාදාගත් ගතිය අනුවද *බුද්ධ දර්ශනය දුක මත ගොඩනැගී ඇති බව බොහෝ අය කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නිවැරැදි අවබෝධයක් නොමැති නිසාද *  ඡඡක්ක සූත්‍රය ඇසුරින් ප්‍රශ්න දෙකක් *  පැවිදි ස්වාමින් වහන්සේ නමක් රාත්‍රී ආහාරය ගැනීම අසංවරද - ධර්ම මාර්ගයේ යන ගිහි අය රාත්‍රී ආහාරය ගැනීම වරදක් නැද්ද *යම් කෙනෙකුට නිබ්බාණගාමී මග පූර්ණය කර ගැනීම පිණිස  සාසනයට ඇතුළු වීම පිණිස  බුදු පියාණන්  වදාළ  ක්‍රමවේදය කුමක්ද * දුතිය ලෝක ධම්ම සූත්‍රය එන පසංසා යන්න සහ අටලෝ දහමෙහි එන නින්දා ප්‍රසංසා හි ප්‍රශංසා පිළිබදවත්  පහදා දෙන්න * සමුදයංච - අත්තංගමච සහ උදයංගම - අත්තංගම  ලෙස පෙන්වන පදවල "සමුදයං "සහ "උදයංගම" යන පද සවිඥානික පුද්ගලයින් කෙරෙහි සහ අවිඥානික දේවල් කෙරෙහි ලෙස ගැනීම සුදුසුද >>>>

10. බුද්ධ භාවනා - මීරිගම (2021-04-08 am)

09. බුද්ධ භාවනා - මීරිගම (2021-04-07 pm)

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58 59 60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256