අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

06. බුද්ධ භාවනා - Buddha Bhawana (2021-11-09am)

05. බුද්ධ භාවනා - Buddha Bhawana (2021-11-08pm)

04. බුද්ධ භාවනා - Buddha Bhawana (2021-11-08am)

03. බුද්ධ භාවනා - Buddha Bhawana (2021-11-07pm)

02. බුද්ධ භාවනා - Buddha Bhawana (2021-11-07am)

01. බුද්ධ භාවනා - Buddha Bhawana (2021-11-06)

LIVE | සම්බුද්ධ සුත‍්තං | ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව - 31/10/2021

*අත්ථභාවයෙන් ,මමත්වයෙන්  ,මඥ්ඥතාවයෙන් , සහ තම්මතාවයෙන් -- සංකාර කරමින්  විඥ්ඥාණයෙන් කටයුතු කරන  අස්සුතවත්පෘතග්ජන පුද්ගලයා •උපාදිය මානෝ බද්ධෝ  මාරස්ස , • මඥ්ඥමානෝ බද්ධෝ මාරස්ස, • අභිනන්දියමානෝ බද්ධෝ මාරස්ස ලෙසින්  සසරට  බැඳෙයි.••••••  *  ක්‍රියා සිතපවත්වන  පඥ්ඥාවන්තස්ස වූ  අනුපාදියමානෝ ලෙස උපාදානයෙන් මිදීමට කටයුතු කරන අරිය උත්තමයා • අනුපාදියමානෝ මුක්තෝ පාපිමතෝ •අමඥ්ඥමානො මුක්තෝ පාපිමතෝ              * අනභිනන්දිය මානෝ මුක්තෝ පාපිමතො -  ලෙසින්  උපාදානයෙන් මිදීමට කටයුතු කරයි. * "බද්ධෝමාරස්ස" යන්නෙහි ගැඹුරු අරුත වටහා ගතයුත්තේ ඇයි. * දාන,සීල,භාවනා  කලද මුක්තෝ පාපිමතො විය නොහැකි බව. * පංචස්කන්ධ උපාදානයෙන් මිදී නිදහස් වීමෙන්ම  අතනිබ්බින්දති දුක්ඛේ විය හැකි බව. *රූප,සමුදයෝ නිසා ආහාර සමුදයෝ. * සංඵස්ස හයක් නිසා වේදනා සමුදයෝ සහ  සංඵස්ස නිරොධෝ අනුව  වේදනා නිරෝධෝ. *  සඥ්ඥා ලෙස බාහිරින් සය ආකාරයට සංඵස්ස වීම -  බාහිර සංඵස්ස නිරෝධෝ - සඥ්ඥා නිරෝධෝ  . * සංචේතනා  නිරොධෝ සංකාර නිරෝධෝ . * නාමරූප සමුදයෝ විඥ්ඥාණ සමුදයෝ - නාමරූප නිරොධෝ - විඥ්ඥාණ නිරොධෝ. * දැන වටහා ගැනීමේ පහසුව  සඳහා  බුදුපියාණන් බෙදා වෙන්කොට පෙන්වූ ආකාරය. * පංචස්කන්ධ සො උපපරික්ඛති අනුව උපාදානයෙන් මිදීම. * ධාතු සො උපපරික්ඛති  ගැන පෙන්වූ ඡ ධාතු විභංග සූත්‍රය ගැන. * ආයතන සො උපපරික්ඛති පෙන්ප්වන  අජ්ජත්තික සහ බාහිර ලෙස ආයතන  ක්‍රියාත්මක වීම විග්‍රහ වන ඡඡක්ක සූත්‍රය * පටිච්ච සමුප්පාද සො උපපරික්ඛති -   අවිජ්ජාමුල පටිච්චසමුප්පාද ක්‍රියාවලිය සහ කුසලමූල පටිච්චසමුප්පාද ක්‍රියාවලිය දැන දැක  පංචස්කන්ධ උපාදානයෙන් මිදී නිදහස් වන ආකාරය පෙන්වීම. ~~~සංබුද්ධ සූත්‍රය  ඇසුරින් ~~ ~   *සම්මාසම්බුද්ධෝ වීම, සහ පඥ්ඥාවිමුක්තෝ වීම ගැන. * සංමා සංබුද්ධත්වය සහ අරහත් බුද්ධත්වය අතර වෙනස කුමක්ද. * කිං විසේසෝ..කිං නානාකරංණං ** සංමාසම්බුද්ධෝ බවට පත්වන උතුමකු පරප්‍රත්‍ය රහිතව බුදු බවට පත්වී බුද්ධොසොභගවා බෝධාය ධම්මං දේසේති පටන් කොට පරිනිබ්බුතෝසො භගවා පරිනිබ්බාණාය  ධම්මං දේසේති ලෙස,   මෙතෙක්  අනක්ඛාතව  යටපත්ව තිබූ ධර්මය ස්වාක්ඛාත ධර්මයක් ලෙස පෙන්වා දෙමින් අරහත් බෝධියට පත්වී සියලු  සසර බැමි සිඳ පරිනිබ්බාණයට පත් වීම පිණිස භික්ඛු ශ්‍රාවක පිරිසටද දහම දේශනා කිරීම. ** ඒ දේශනාව මනාව අසා දැන මග්ගඥ්ඥූ, මග්ගවිදු, මග්ගකෝවිදෝ,ආදී ලෙස අනුගමනය කොට සාවක සංඝ පිරිස ලෙස අවබෝධ කිරීමෙන් පඥ්ඥාවිමුක්තියට පත්වී අරිහත් බුද්ධ බවට පත් වීම. ~~~  අසමෝ...අසම සමෝ...ලෙස විග්‍රහ වන ලොව්තුරා බුදුපියාණන් සහ අරහතුන් වහන්සේලා ~~~ *පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය යථාභූතං පජානාති අනුව  "උපාදානේ භයං දිස්වා " බව දැක්ම. * පංචස්කන්ධ උපාදානය අතහැරියද  පව -  පින හෝ ධ්‍යාන උපාදානයෙන්,   අභිසංකාර තුනක් කරමින්  බද්ධෝමාරස්ස වන බව , සහ ඉන් මිදී මුක්තෝ පාපිමතො විය නොහැකි බව.>>> දස සංයෝජන ප්‍රහාණය කිරීම සහ බුද්ධ ඥාණ අතර සම්බන්ධයක් වේද * බුදුවරුන් බුදුබව ලබන විට සංයෝජන දහයම එකවර කැඩෙනවද * මාන - අවිද්‍යාව වැනි සංයෝජන සියුම් තත්වයකට ආවිට  දුරුකරන්නට බෙහෙවින් අමාරු වන්නේ ඇයි * විමුක්තායතන සූත්‍රයේ ඇති  සජ්ඣායනා  යන්න  පහදා දෙන්න *  පංචස්කන්ධය උපාදානය කර ගැනීම වැළකීමට කළ යුත්තේ සතර කමටහන් වැඩීම පමණද - එහිදී මෝහය හඳුනා ඉවත් කිරීම ගැන  පහදා දෙන්න * හෙළභාෂාවේ හැටියට "රජක  "රජ " "රජස් " යන වචන සහ "රජ " යනු බලය උච්චතම ලෙස උපාදානය කරගැනීමදැයි පහදා දෙන්න * සම්මා කම්මන්ත යන්නෙහි  ධර්මාර්ථය පහදා දෙන්න * පටිච්චසමුප්පාදය තුල ඡන්දරාගය ගැන  සඳහන් නොවන්නේ ඇයි *  මකුලුවන්ට, අඳුරට,ගැඹුරු දියට යම්  බියක් මාතුල ඇත,එය ඉවත් කරගන්නේ කෙසේද *  උප්පාද - ඨිති - භංග  ලෙස අවස්ථා තුනක් ඇතත්  ධර්මය තුල සෑම මොහොතේම විපරිණාමයක් සිදුවන විට එසේ නවතින අවස්ථා තුනක් තිබිය හැකිද * අයං  උප්පත්ති ආදීනවෝ යන්නෙහි ආදිනව යන්නේ ඇත්තේ ආදී නව අවස්ථාවද *අව්‍යාකත සිතෙන් කර්මබීජ සැකසෙන්නේ නැති නිසා තුන්සිත පහදවා ගැනීම යන්නෙහි  තුන්සිත කුමක්ද * කෙනෙකුට නිවන් දැකීම පිණිස ඔහු ජීවත්වන සමාජ පසුතලය සහ කාලය කොතරම් දුරට ඉවහල් වෙනවාද * සොරකමින් හරිහම්බ කොට දන්දීමෙන් යහපතක් වෙනවාද * රාගයක්  හෝ ද්වේශයක් ආවිට  නිවැරැදිවත් යුගනද්ධවත් සතර කමටහන්  කොට ඉවත් කිරීම සහ ඉන් පසුව පසු විපරම් කරන්නේ කෙසේද * ඇලීමකදී  නිරුජ්ජති යනු ,න අභිනන්දති න අභිවඩති න අජ්ජෝසාය  ඨිත්ඨතිද  සහ ගැටීමකදී  නප්පටිවිරුජ්ජති න ශෝචති න කිළමති,න පරිදේවති ,  න උත්තරාලික්ඛන්දති යන්නමද  -  අනුගමනීය පටිපදාව කෙබඳුද *  සතර සතිපට්ඨාන සූත්‍රය ඇසුරින්  ධ්‍යාන සහ විතක්කවිචාර  පිළිබඳ පැනයක් * සත්තට්ඨානකුසල සූත්‍රයේ  අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ  වැඩීම තුලින් සමුදය නිරෝධය  කිරීම ගැන පැනයක් *  සියලුම සසර දුකට වැටෙන්නේ උපාදානය නිසාද - ඉන් මිදී නිබ්බිදා වීමට ක්‍රමය පහදා දෙන්න *  කඨින පිංකමකදී  අනවශ්‍ය දේවල් රැස්කර ගොඩගසාගෙන සිටීමෙන් යහපතක්  වෙනවාද >>>

ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව - 30/10/2021

ආයතන හයකින්  අසංවර ලෙස  පංචස්කන්ධය ක්‍රියාත්මක කිරීම නිසා සංකාරයක් බිහිවීම * අස්සුතවත්  පෘතග්ජන පුද්ගලයා - පංචස්කන්ධය පිලිබඳව, චතුඅරිය සච්ච සහ තිපරිවට්ටය නොදනී - එසේ නප්පජානාති නිසා "ඒතං මම ඒසො හමස්මිං ඒතොමෙ අත්තාති "ලෙසින් කටයුතු කරයි. පංචස්කන්ධය මඥ්ඥතාවයෙන් දකී - ප්‍රියමනාප  සුඛ රූප, පිරි බවින් - කැමැත්තෙන්ද  -  අපිරි, අමනාප දුක්ඛ රූප අකැමැත්තෙන් දෝමනස්සයෙන් ද -  පිරි අපිරි ලෙස ගත් රූප අතර අදුක්ඛම අසුඛ ලෙස මැනීමෙන්ද - සාරසේ ගෙන උපාදානයෙන් බැඳී සමුදය බිහිකරගනී. * සුතවත් අරිය සාවකයා - පංචස්කන්ධය සහ එහි සමුදයං, සමුදය නිරෝධං,සමුදය නිරෝධ ගාමිණී පටිපදං පජානාති වූවෙකි -  පංචස්කන්ධය මාමඥ්ඥති ලෙසින් දකී. එහි අස්සාදං, ආදීනවං, නිස්සරණං, ලෙස තිපරිවට්ටය පජානාති වූවෙකි."නේතං මම නේතො හමස්මිං නමේසො අත්ථාති" ලෙස කටයුතු කරයි, ආයතන බවින් මිදී  ඉන්ද්‍රිය හයක්  ලෙස සංවරයෙන් උපාදානයෙන් තොරව  කටයුතු කරයි. "උපාදානේ භයං දිස්වා" - ලෙස දකී. රූපං පජානාති, රූප සමුදයං පජානාති ,රූප නිරෝධං පජානාති ,රූප නිරෝධ ගාමිණී පටිපදං පජානාති වේ.  * සම්මාදිට්ඨි යට පත්වූ බුද්ධශ්‍රාවකයෙකු වන ඔහු  සමුදය නිරෝධය දනී * අනාගත උපතකට  අනුසය - කර්මබීජ සැකසීම නවත්වයි * සමුදය  උපදින්නට නොදී,  ක්‍රියා සිත්පවත්වමින්, පච්චුප්පන්නයො ධම්මො තත්ථ තත්ථ විපස්සති ලෙසින්  සමුදය නිරෝධ කරයි. * අරමුණු වන රූප  - රූපං - රූප සමුදයං පිළිබඳ  පජානාති වීමෙන් එයද ඉක්මවා රූපං  අභිඥ්ඥාය වීමෙන් තමාම අනුගමනීය ප්‍රතිපදාවේ නොකඩවා යෙදීම හෙවත් යුඥ්ඦත බුද්ධ සාසනයේ යෙදීමෙන් ධම්මවිහාරී හෝති වෙයි.  සමුදය නිරෝධ ගාමිණී පටිපදාව පූරණය කොට කේවලිනෝ බවට පත්වෙයි. * අනිච්ච දුක්ඛ අනත්ථ වෙනුවට අනිත්‍ය,දුක්ඛ, අනාත්ම ලෙස කළ පරිපරිවර්තන නිසා නිවන් මඟ වැසී ගිය ආකාරය * රුජ්ජති - සාරුජ්ජති - අනුරුජ්ජති - විරුජ්ජති, පටිවිරුජ්ජති ලෙස සමුදය බිහිවීම සහ ---- නිරුජ්ජති, නප්පටිවිරුජ්ජති  ලෙස සමුදය නිරෝධ ගාමිණී පටිපදාව ක්‍රියාත්මක කිරීම  ගැන . * යායංතණ්හා පොනොභවිකා ලෙස  උපදින සමුදය ගති හැටියට මනෝමය කායතුල තැන්පත් වී, ගෙනයන සසර ගමන නැවැත්වීමට නම්  ඒකධම්මො ලෙස ආනපාන සති සමාධි භාවනා සතර කමටහන් සහිතව  නිවැරැදිවත් - ප්‍රායෝගික වත් - යුගනද්ධවත් -  භාවිතොබහුලීකතෝ කිරීමෙන් කෙලෙස් මුල් උදුරා දැමීම * විපාක පිණිස හේතුවන කලු සහ සුදු කර්මද  ඉවත් කිරීමෙන් කම්මක්ඛය කිරීම>>>> * නිකෙළෙස් වීමේදි තමාට එය දැනෙන්නේ කෙසේද * සීලයෙන් සංවරවීමත්, සමාධියෙන් සංසිඳවීමත්, ප්‍රඥාවෙන් සම්මා වීමත්, කරගෙන යද්දී   පරණ කෙලෙස් නැවත මතු වනවිට ඉවත් කරන ආකාරය පහදා දෙන්න * කිසියම් දෙයක ආස්වාදයක් විඳිනවා යනු ඒ මොහොතේදී අනුසය බිහිවී අවසන්ද - නැතිනම් මාළුවා ඇමට අහු නොවන සේ ආහාර ගැනීම සේ අනුසය නූපදවා සිටීමක්ද *  නිතරම බණ ඇසිය යුත්තේ ,නිතරම ධර්මය කියවිය යුත්තේ ,සහ දැඩි ආයාසයකින් නිවන් මඟෙහි යෙදිය යුත්තේ  සෝවාන් ඵලයට පත්වන තෙක් පමණක් නොවේ ද - ඉන්පසුව අපහසුවකින් තොරව  ධර්මතාවයෙන්ම දුකින් මිදිය හැකියි නේද * ණයෙන් මිදී නිදහස් වීම යනු පවුලේ අයට යුතුකම් වගකීම් ඉටු කිරීම පමණක් බව සිතීම වැරදියි නේද - සමාජ යුතුකම් පැහැර හැරීමෙන් පවා ණය වෙනවා නේද * අපි මෙතෙක්කල් සම්මත බණ ඇහුවත්  සිරිසද්ධර්මය අසා මඟට පිළිපන් පසු  ඒ ගමන් මඟ දකින සම්මත බුද්ධාගමේ අය අපට සමච්චල් කිරීම නිසා ඒ අය අයහපතක් කර ගැනීම වැළැක්වීමට කුමක් කළ යුතුද * ප්‍රාතිමෝක්ෂ සංවර සීලය වැඩිය යුතු අවස්ථාවන් මොනවාද * අප සමඟ ජීවත් වෙන  ළදරු දරු මුණුපුරන්ට කරුණාව දැක්වීම නිවනට බාධාවක් වේද * රූපය පිරිසිඳ දැකීමෙන්ම පමණක් අරහත් බවට පත්වීමට හැකි දැයි පහදා දෙන්න * අධර්මය රජකරන සම්මත බුද්ධාගම පවතින මේ කාලයේ සිරි සද්ධර්මය අවබෝධ කරගන්නේ කෙසේදැයි පහදා දෙන්න *ධ්‍යාන සහ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාල පඨමධ්‍යාන  සහ උපසංපජ්ජ  විහරති   යන්නෙහි අරුත පහදා දෙන්න >>>

සත්තට්ඨාන සුත්තං (I) | සජීවී ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව | 2021/10/19

* පැවැත්ම තුල සිටින පුද්ගලයින් තුන් දෙනෙක්. •අස්සුතවත් පෘතග්ජන  පුද්ගලයා • භික්ඛු  තත්වයේ සිටින පුද්ගලයා.   • සමුදය නිරෝධය ගාමිණී පටිපදාව ක්‍රියාත්මක කිරීම ඇරඹූ අරිය සාවකයා. * බෞද්ධ අරියසාවකයෙක් නම් පංචස්කන්ධය පිළිබඳ  ජානතෝ - පස්සතෝ - පජානාති - නප්පජානාති  සහ එහි අස්සාද  - ආදීනව  - නිස්සරණ අවස්ථාවන් - ගැන දැනගතයුතු බව. * නප්පජානාති පුද්ගලයා තණ්හාවෙන් බැඳී උපාදානය කරගැනීමෙන් අනුසය - සමුදය  බිහිකර ගනී. * බිහිවෙන්නට එන සමුදය අනුප්පාද නිරෝධයෙන් උදුරාදමා අනුපාදාය කල යුත්තේ වර්තමාන මොහොතේම බව. * රූපං - වේදනං - සංඥං- සංඛාරං- විඤ්ඤාණං - ලෙස පංචස්කන්ධය ක්‍රියාත්මක වීම ගැන පජානාති වියයුත්තේ ඇයි . * පංචස්කන්ධ උපාදනයෙන් මිදෙන ආකාරය ගැන සත් ආකාරයකින් පෙන්වා දීම. * • රූපං පජානාති • රූප සමුදයං පජානාති. • රූප නිරෝධං පජානාති. • රූප නිරෝධ ගාමිණි පටිපදං පජානාති ලෙස චතුඅරිය සච්ච අනුව සහ , •අස්සාදං පජානාති •ආදීනවං පජානාති •නිස්සරණං පජානාති ලෙස තිලක්ඛණය අනුව ආකාර සතකින් රූපය පිළිබඳ වීමංසාවෙන්. * "රූප" සේම වේදනා, සංඥා, සංකාර, විඥ්ඥාණ, පිළිබඳවද එසේ විග්‍රහ කොට යථාභූත ඥාණයෙන් දැක ගත හැකි බව. * රූප යනු කුමක්ද * රූප සහ රූපං  අතර වෙනස  විග්‍රහය. * බුද්ධ භාෂිතය තුල  බිංදුව "o "  ශබ්ද සංඥාව  තුළ ඇති ගැඹුරු  ධර්ම අර්ථය * බුද්ධ - ධම්ම - සංඝ - සරණ සහ  බුද්ධං - ධම්මං -  සංඝං - සරණං - ගැන. * චත්තාරෝච මහා භූතා සහ  චතුංනංච උපාදාය රූපං * ආහාර සමුදයා නිසා රූප සමුදයෝ වීම ගැන  * සතර ආකාර ආහාර පිළිබඳ විග්‍රහය *  රූප පමණක් නොව මුළු පඤ්චස්කන්ධය පිළිබඳවම සමුදය නිරෝධ කළයුතු බව . * ආහාර නිරෝධෝ රූපනිරෝධෝ - වේදනා නිරෝධෝ  සමුදය නිරෝධෝ - සඥ්ඥා නිරෝධෝ සමුදය නිරෝධෝ - සංකාර නිරොධෝ සමුදය නිරොධෝ - විඥ්ඥාණ නිරෝධෝ සමුදය නිරෝධෝ ලෙස  අවස්ථා පහකදී පංචස්කන්ධ සමුදය නිරෝධය කරන ආකාරය . * රුජ්ජති අනුරුජ්ජති සාරුජ්ජති  විරුජ්ජති -  ලෙස අනුසය බිහිකිරීම.* නිරුජ්ජති - නප්පටිවිරුජ්ජති  ලෙස නානුසේති කොට උපාදානයෙන් මිදීම යනු සමුදය නිරෝධය බව. *අරි අටඟ මඟ පූරණයට සමුදය නිරෝධත් -  සමුදය නිරෝධය පිණිස අරි අටඟ මඟ පූරණයත් එකිනෙකට අඥ්ඥාමඥ්ඥව පූරණය වීමක් බව * යං රූපං  පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං - හෝ දුක්ඛං දෝමනස්සං හෝ -  අදුක්ඛම  අසුඛං වේදනා  නම් අනුසය උපදින බව * යං රූපං අනිච්චං- දුක්ඛං -විපරිණාම ධම්මං -බව දැකීමෙන් සමුදය නිරෝධය වන බව. * සමුදය නිරෝධ පිණිස රූපයේ  ආස්වාදය පිළිබඳව ඡන්ද රාග විනයෙහි පිහිටා කටයුතු කළයුතු බව. * ඒ සඳහා භාවිතා කලයුතු ඒකායන මාර්ගය වන ආනපාන සති සමාධි, සතරකමටහන් සහිතව නිවැරැදිවත්, ප්‍රායෝගිකවත්, යුගනද්ධවත්,වැඩීම . * යම් බුද්ධ ශ්‍රාවකයෙක් පජානාති තත්වය ඉක්මවා සමුදය නිරෝධ අනුගමනීය මගෙහි නොකඩවා යෙදේ නම්, ඔහු ඒවං රූපං අභිඤ්ඤාය,රූප සමුදයං අභිඤ්ඤාය, රූප නිරෝධං අභිඤ්ඤාය ,රූප ගාමිණී පටිපදං අභිඤ්ඤාය ආදී  ලෙස පංචස්කන්ධ සමුදය නිරෝධ කොට "වට්ඨංතෙසං නත්ථි" ලෙස  පඥ්ඥා පනාය වෙයි. >>>>  මියගිය අය වෙනුවෙන් දානය දීමේදී තුන් මාසේ දානයෙන් හෝ අවුරුද්දේ දානයෙන් ඒ අයගේ ගමන වෙනස් කළ හැකිද * හිස් අවකාශය තුළ විශ්වයක් නිර්මාණය වීම- ඒ නිර්මාණය තුළ ධාතු එකතුකර සෞරග්‍රහ මණ්ඩල,  සූර්යයා - චන්ද්‍රයා නිර්මාණය වීම,ඒ තුළ ජීවයන් නිර්මාණය වීම,ඒ ජීවය තුළ ප්‍රශ්න නිර්මාණය වීමත් , සර්වඥතා ඥානය කින්  ඒවාට උත්තර දෙන්නෙත් ඇයි ~ කර්මය විසින් තම ප්‍රශ්න ඔහුම විසඳනවා නම්  නිවනින් පිරිනිවන් පාන්නට හදිස්සි වන්නේ ඇයි * ඡඡක්ක සූත්‍රයේ  පෙන්වන කාය හය ගැන විස්තර කර දෙන්න *  චක්ඛු විඤ්ඤාණය පිළිබඳව තවදුරටත් විග්‍රහ කර දෙන්න * "රූපං" යනුවෙන් හඳුන්වන්නේ ඵලයද *  තමන්ගෙ අවයවයක් යම් රෝගියෙකුට පරිත්‍යාග කිරීම බොහෝ අනුසස් ඇති පිංකමක් බවට බුදු පියාණන් දේශනා කළ බව සත්‍යක්ද *  තමාදහම දැක ගත් බවට අද දවසේ ප්‍රසිද්ධ කරමින් සිටින සද්ධර්ම ප්‍රතිරූපකයන් සහ සැබෑ ලෙස සිරි සද්ධර්මය දේශනා කරන කල්‍යාණ මිත්‍රයන් වෙන වෙනම හඳුනා ගන්නේ කෙසේද * බුදුපියාණන් වහන්සේ උග්ගටිතඤ්ඤ ආදී වූ  පුද්ගලයින් සතර දෙනෙක් හඳුන්වා තිබෙන අතර සමහර දේශනා වල පුද්ගලයින් හත් දෙනෙක් පෙන්වා දෙනු පෙනේ. ඒ සත් දෙනාට ගැනෙන්නේත් අර සිව්දෙනා මද. * විවිධ පුද්ගලයින්ගේ රූප පඹයින්ලෙස සකසා ගිනිතැබීමෙන් තමන්ටම කරගන්නා හානිය ගැන පහදා දෙන්න * ගස් වල මල්වල භූත ප්‍රේත කොටස් ජීවත්ව  සිටිනවාද - මල් කඩා බුදු බුදුපියාණන්ට පූජා කිරීමෙන් ඒ අයට  හෝ පරිසරයට  හානියක් වෙනව ද >>

2021 වප් පොහොය​ | සත්තට්ඨාන සුත‍්තං (II)

* සංසාර දැක්මක සිටින,  පංචස්කන්ධය පිලිබඳව නප්පජානාති වූ, සමුදය නිරෝධය නොදැන,  සංකාරයෙන් - උපාදානයෙන් - අනුසය  සකසා ගනිමින් අනාගතය සඳහා කර්මබීජ - ගති සකස් කරන අස්සුතවත් පෘතග්ජන පුද්ගලයා. * බණ අසාකෙලෙස් බව ඛය කිරීමට ඇප කැපවූ  එතෙක් මඟඵල නොලැබූ හික්ඛු පුද්ගලයා. * පංචස්කන්ධය පිළිබඳව පජානාති වීම නිසා උපාදානයෙන් තොරව පරිහරණය පමණක් කරන සහ -- සමුදය වීමට එද්දී  අනුප්පාදනිරෝධයෙන් නොනවත්වාම සමුදය නිරෝධ කරමින් අනුගමනීය පටිපදාවේ යෙදෙන බුද්ධශ්‍රාවකයා. *පංචස්කන්ධයේ  සැකැස්ම. * රූපං පජානාති -  වේදනං -  සංඥං- සංකාරං - විඥ්ඥාණං පජානාති ලෙස, පංචස්කන්ධයට අයත් රූප සහ රූපං ගැන විග්‍රහ කිරීම සහ එහිම  ආස්සාදං - ආදීනවං - නිස්සරණං ලෙස ආස්සාද සහ අස්සාදං ගැන විග්‍රහය . * චතු අරිය සච්ච තුල මූලිකව පෙන්වන අංග දෙක වන සමුදය වීම  සහ සමුදය නිරෝධය ගැන . * රූපං, රූප සමුදයං,රූප නිරෝධං,රූප නිරෝධ ගාමිණී පටිපදං පජානාති  වීමෙන් චතු අරිය සච්ච  පජානාති වීම  සහ *රූප අස්සාදං - රූප ආදීනවං - රූප නිස්සරණං පජානාති  වීමෙන් රූපය ගැන තිලක්ඛණය පජානාති වූ බුද්ධශ්‍රාවකයෙක් බවට පත්වීම.  * ඔහු සමුදය නිරෝධ කිරීමේ අනුගමනීය පටිපදාව අනුව හිත කිලිටිවීමට නොදී දිගටම පිරිසිදු බව පවත්වාගෙන යයි.ඔහු ආරභත නෙක්ඛමත -යුඤ්ජත බුද්ධසාසනයේ යෙදෙයි. * චත්තාරෝ මහා භූත සහ චතුංනංච උපාදාය රූපං සහ පැවැත්ම පවත්වාගෙන යාමට උපකාර වන  සතර ආකාර වූ ආහාර විග්‍රහය . * විඥ්ඥාණ ආහාර නිරෝධෝ  -  සමුදය නිරෝධෝ නිසා සංමා දිට්ඨියේ සිට සංමාංඥාණ,සංමා විමුක්ති දක්වා  පඥ්ඥා පනාය වීම. * ආස්සාද - ආදීනව - නිස්සරණ- වටහාගැනීම සහ - එහි අනිච්ච දුක්ඛ අනත්ථ දැක නිච්ච ,සුඛ,අත්ථ මරා දැමීම හෙවත් මරණානුස්සතිය. * සත් ආකාරයකින් සමුදය නිරෝධ කරන ක්‍රියාවලිය යනු  - පංචස්කන්ධය පිලිබඳව චතුඅරිය සච්ච සහ තිලක්ඛණය  දැන දැක, අනුගමනීය පටිපදාව අනුව පිරිසිදු බවට පත් වීම බව. *ධ්‍යාන ,අභිඥ්ඥා සෘදි ලැබුණත්  සමුදය නිරෝධය නොදනී නම් ඔහු සසර දුක පවත්වන්නෙක් බව. * බුදු කෙනෙක් පහළ වන්නේ සමුදය නිරෝධ කරන මඟ පෙන්වා දීමට බව. * සමුදය නිරෝධ කිරීමේ මාර්ගය වන ඒකධම්මො ලෙස ආනපාන සති සමාධිය චතුරාරක්ඛා සහිතව  නිවැරැදිවත් ප්‍රායෝගිකවත් සතර ඉරියව්වේදීම වැඩීම . *මතුවන කෙලෙස් හඳුනා ඉවත් කොට, ඊට ප්‍රතිපක්ෂ නිකෙලෙස් ධර්මය ඇසුරු කළයුතු බව * සමනාවා, බ්‍රාහ්මණාවා වූ පුද්ගලයා රූපං - අභිඥ්ඥෙයියං  රූපසමුදයං - රූප නිරෝධං- රූප නිරෝධ ගාමිණී පටිපදං අභිඥ්ඥෙයිය -- අස්සාදං ආදීනවං -- නිස්සරණං අභිඥ්ඥෙයිය වේ.  * ඔහු නිබ්බිදාය - විරාගාය - නිරෝධාය පටිනිස්සග්ගායවේ. කේවලිනො වට්ඨංතෙසං නත්ථි වේ.  පඥ්ඥා පනායවී නිදහස් වේ. නත්ථිදානි පුනබ්බවෝතී වේ. * සමුදය නිරෝධ මග්ගෝ . •ධාතුසො උපපරික්ඛති. • ආයතන සො උපපරික්ඛති. • පටිච්ච සමුප්පාද සො උපපරික්ඛති. • පංචස්කන්ධ සො උපපරික්ඛති. නිවන් දකින මඟ තුල වැලකිය යුතු දේ සහ  භාවිතා කළයුතු කරුණු ගැන විග්‍රහය. * තිලක්ඛණය වසා දැමීමෙන් බුද්ධ ධර්මය විකෘති කොට විනාශ කිරීම ගැන >>>>> සංකාර සහ විඥ්ඥාණ ඉපදීමට හේතුවන රූප - වේදනා -  සංඥා පමණක් නිරෝධ කිරීම ප්‍රමාණවත් නොවේද * පුඥ්ඥාභිසංකාර - අපුඤ්ඤාභිසංකාර - අනෙඤාභිසංකාර ඇතිවන්නේ කාය,වචී,මනෝ සංකාර නිසාද * බව පච්චයා ජාති යන්නෙහි  කම්ම බව සහ උප්පත්ති බව ගැන පහදා දෙන්න * සබ්බාසව සූත්‍රයේ කෙලෙස් මුල් උදුරා දමන ක්‍රම අතරින්  දස්සනා පහාතබ්බා  ගැන පහදා දෙන්න * ධර්මය අසා භාවනා කොට  ධ්‍යාන උපදවා ඒ  ධ්‍යාන වලට සමවැදී, සිරවී, කොටුවී, සිටින අය අතින් නිවන් මඟ වැසෙන බව, සහ මෝහයෙන් පූර්ණ වශයෙන් මිදී නැති බව ඒ අය නොදකින්නේ ඇයිදැයි පහදා දෙන්න * අතීන්ද්‍රිය පිළිබඳව පහදා දෙන්න * රූපං පජානාති යන්නෙහි අරුත නාමරූප විග්‍රහයේ පෙන්වන ආකාරයට ආපෝ තේජෝ වායෝ පඨවි ලෙසට  බෙදා වෙන්කර පෙන්වීමද *  සත්තට්ඨාන කුසල සූත්‍රයේ නාමරූප විග්‍රහයක් පැහැදිලිවම  විග්‍රහ වුවත් සූත්‍රයේ  මුල හෝ අග ඒ පිළිබඳව සඳහන් නොවන්නේ ඇයි * සමුදය නිරෝධ කිරීම යනු  සමුදය නැති කිරීම නොවේද * රාග ද්වේශ මෝහ අරමුණක් සිතට එන විට කර්මස්ථාන ගාථාවක් නිවැරදි  අරුත සමග සිතින් මෙනෙහි කිරීමෙන්   සතර අනුස්සති පුරණය වී නිබ්බිදා වෙනවාද *ඵස්ස නිරෝධයෙන් සංඥා නිරෝධයත්,සංකාර නිරෝධයත් දෙකම සිදුවේ නම් එය  සිදුවන ආකාරය පහදා දෙන්න * දෙවුන්දර විහාරයේ චෛත්‍යයේ ගර්භයේ   බුදුපියාණන්ගේත් අරහතුන් ව්හන්සේලාගේත්  ධාතු තැන්පතව ඇති බවටත්, වටදාගෙයක්  තිබූ බවටත්,  ඇති මතය සත්‍යක්ද , එහි ගොස් වන්දනා කිරීමෙන් අපේ ලෝකෝත්තර මඟට ශක්තියක් ලැබේද >>>>

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54 55 56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256