අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

05. බුද්ධ භාවනා - මීරිගම (2022-01-10 pm)

04. බුද්ධ භාවනා - මීරිගම (2022-01-10 am)

03. බුද්ධ භාවනා - මීරිගම (2022-01-09 pm)

02. බුද්ධ භාවනා - මීරිගම (2022-01-09 am)

01. බුද්ධ භාවනා - මීරිගම (2022-01-08 pm)

රද්දොළුගම සිරිසද්ධම්ම දේශනාව සහ දානමයපිංකම (2022.02.07)

රණමුරේ සිරි සද්ධම්ම දේශනාව සහ දානමය පිංකම ( 2022-01-02 )

බුදු කෙනෙක් ධර්මය දේශනා කරන්නේ කුමන අරමුණකින්ද * සතර ආකාර ආහාර අබ්බ කිරීම නිසා ගතියක් සකස්වීම සහ එය නිච්ච කරගැනීම * රාග - ද්වේශ - මෝහ - ගති * චන්දරාග - ලෝභය - අභිච්ඡා - වල ඇති තාවකාලික සුවයට යටවී ආශ්වාදයට ඇලීම - අනුසය බිහිකරගැනීම සහ ආසය ලෙසින් මනෝමය කායේ තැන්පත් වීම * මරණයට පත් වුවත් තැන්පත් කරගත් ගති පොදිය විනාශ නොවන බව * රාග (තණ්හා) ද්වේශ (පටිඝ ) මෝහ (අවිජ්ජා )අනුසය නිසා ඉදිරි පැවැත්ම පවත්වාගෙන යාම පිණිස නැවත නැවතත් නොනවත්වා සමුදය බිහිකර ගැනීම* ගතිවලින් මිදී නිදහස් වීමට අනුගමනීය පටිපදාවක් * සතර ඉරියව්වේදීම, සතර කමටහන් නිවැරැදිවත් ප්‍රායෝගිකවත් යුගනද්ධවත් වඩන්නේ කෙසේද යන්න * ද්වේශය අතහැරීමට මෙත්තානුස්සති අනුපස්සනා - සුන්දරබවට බැඳීම අත් හැරීමට අසුභානුස්සති අනුපස්සනා - නිච්ච • සුඛ •අත්ථ - බව අත් හැරීමට මරණානුස්සතිය අනුපස්සනා කිරීම සහ මතුවන කෙලෙස් බව ඉවත් කිරීමට ගැලපෙන ඒ ඒ අනුස්සතිය නිවැරැදිව තෝරා බේරා අනුපස්සනා කිරීම නිසා නිරායාසයෙන්ම නිබ්බිදා - විරාගා - නිරෝධා- පටිනිස්සග්ගා -ලෙස බුද්ධානුස්සතිය වැඩෙන ආකාරය * ඒ තුලින් සතර කමටහන් පූරණය වී සබ්බූපදි පජහති වීම* පච්චුප්පන්නංචයොධම්මො එත්ත එත්ත විපස්සති ලෙස වර්තමානයේම සිතට අරමුණු වන කෙලෙස් ගති හඳුනාගෙන ඒ අවස්ථා වේම ඉවත් කිරීම *අනුසය - නානුසේති තත්වයට පත්වීම - අළුතින් කර්මබීජ හෙවත් ආසය තැන්පත් වීම නැවැත්වීම අනුව ලෞකික සුවය ඉක්මවා ලෝකෝත්තර සුවය හෙවත් නිබ්බාණ සුවය අත්විඳිය හැකි බව * පංචස්කන්ධ උපාදානය සහ පින - ධ්‍යාන - උපාදානය නිවන වසන බව * වැඳුම් පිදුම් යාඥ්ඥා වලින් නිවන් දැකිය නොහැකි බව * තමා විසින්ම තේරුම් ගෙන අනුගමනීය පටිපදාවේ යෙදී තමා තුල ඇති කෙලෙස් මුල් උදුරාදමා දුකින් මිදී නිදහස් වියයුතු බව >>>> සද්ධර්මය ඇසීමට බාධා කරන මගේ ආච්චීගේ හැසිරීම ගැන මා කෙසේ කටයුතු කළයුතුද * සතර කමටහන් වඩන ආකාරය කෙටියෙන් පහදා දෙන්න * නව අරහාදී බුදුගුණ කීම යනු බුද්ධානුස්සතියද * අසුභානුස්සතිය වැඩීම යනු පිලිකුල් භාවනාවද * අපාය යනුවෙන් දෙයක් තිබේද *බුද්ධානුස්සතිය යනු පහදා දෙන්න * මරණාසන්න කෙනෙකුට සෙත් පිරිත් ඇසෙන්නට දැමීම හොඳයි ද * කැමැත්තෙන් බැඳෙන ගතිය ටික ටික අඩුකිරීම පුහුණු කිරීමෙන් මරණයට පත්වෙද්දී ක්‍රමානුකූලව ඒ ගතිය ඉවත් වී යනවාද * මියගිය අයෙක් වෙනුවෙන් පින් දීමේදි ඔහු වෙනත් තැනක ඉපදී සිටීනම් ඒ පින ඔහුට ලැබේද * නිවැරැදිව කැපකොට පින් දෙන්නේ කෙසේද * අනවබෝධයෙන් පින්දීමේ වරද පහදා දෙන්න *පිංකම් වලට මස් මාළු ගැනීම හෝ ඉල්ලීම සුදුසුද * මස් මාංශ වලට කැමති බිරිඳ සහ නිර්මාංශ බවට කැමති මා අතර ගැටුම් වලින් තොරව ඉන්නේ කෙසේද * ආන - පාන සහ සතර කමටහන් ගැන පහදා දෙන්න * දීඝංවා ලෙස කෙළෙස් මතුවන අයුරු * පිරිත් දේශනා කිරීමෙ ප්‍රතිපල මොනවාද * පාරමිතා පිරීම යනු කුමක්ද * රාග සිතුවිල්ලක් එද්දී එය හඳුනාගෙන අසුභානුස්සතිය වැඩීමට කටයුතු කරන අතරතුර කාලය තුළ අනුසය උපදිනවාද * අනුස්සතිය යනු කුමක්ද * පිංකමකට පසුව වැරදි ලෙස පින් අනුමෝදන් කරයි නම්, එම ස්ථානයේ තමන් සිටිමින්ම නිවැරැදිව පින් අනුමෝදන් කිරීමට තමන් හට හැකිද * නිවැරැදිව බෝධිපූජා කරන්නේ කෙසේද >>>>>

නවම් පොහොය​ 2022 - ​ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව

ධර්ම ඥාණයක් අවශ්‍ය වන්නේ අජ්ජත්තික පාරිශුද්ධ බවට පත්ව සචිත්තපරියෝදපනං වීම පිණිසම බව* සිත කිලිටි කරන පංච උපාදානස්කන්ධය ගැන විග්‍රහයක් * ආමිස සුවය පිණිස ආස්සාදයට බැඳීමෙන් සිත කිලිටිවීම සමඟ ගති හෙවත් කර්මබීජ පොදියක් ලෙස මනෝමය කාය තුල තැන්පත් වීම සහ ඒ ගති වරින්වර දීඝංවා ලෙස නැවතත් ප්‍රභවය වීම * උපාදානය නිසා මාරයාට බැඳෙන ආකාරය - උපාදිය මානෝ බද්ධො මාරස්ස - අනුපාදියමානෝ මුක්තෝ පාපිමතෝ - උපෙක්ඛා සිතක වටිනාකම *තයොමෙ සංකාරා - අභිරත සංකාර * නිවනට දැඩිසේ බාධක වන පුණ්‍යාභිසංකාර - අනෙඤාභිසංකාර * වර්තමානයේ නිවන් දැකිය නොහැකි බවට පතුරුවමින් සුගති හෝ කාමලෝක උපතක් පතා නිවන් කල් දැමීමට පෙළඹවීම * පින කුසලයක් බවට පත් කරගත යුත්තේ කෙසේද * පච්චුප්පන්නයොධම්මො ලෙස වර්තමානයේම කරගතයුතු නිවන් දැකිම * අරිය ධ්‍යාන වුවද උපාදානය කරගැනීමෙන් බ්‍රහ්ම තල ලැබීම විනා නිවන වැසෙන බව * මහාසාංඝීක නිකාය හරහා ඉන්දියාවෙන් හෙළබිමට ගෙනා යැදුම් පැතුම් සහිතවූ බුද්ධාගම නිසා බුදු දහම යටපත් වී නිවන්මඟ වැසී යාම * පින් ,දීමෙන් අනුමෝදන් කිරීමෙන් ,පතුරා, පවරා අවසන් කිරීමෙන් කුසලස්ස උපසංපදා කරගත යුතු බව >>>>> සංඵස්ස වීම සහ ඊට හේතුව උදාහරණයක් මගින් පහදා දෙන්න * උපාදානයෙන් තොරව තමා කරගත් පින් කුසල් බවට පත්කරගත් අයෙකුට මිය යන අවස්ථාවේ ඒවා සිහිපත් වුවහොත් කුමක් සිදු වේද * උපාදානය අත හැරිය යුතු බව පෙන්වා දීම "දිට්ඨෙවදිට්ඨ මත්තං භවිස්සති" යන ගාථාවට ගැලපෙනවාද * අනාගාමී ඵලයට පත්වූ පුද්ගලයෙක් ජීවිතය අවසානවූ පසු කුමන තත්වයකට පත් වේද * මල් පහන් පූජා කොට ඒ පින් බලයෙන් මියගිය දෙමව්පියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම උපාදානයක් ද * ඉස්ලාම් නීතිය අනුව දැනට බිරින්ඳෑ වරු සත් දෙනෙක් සමඟ විවාහ වී සිටින මගේ මුස්ලිම් මිතුරා,වර්තමානයේ බුදු දහම අසා "කාමේසුමිච්ඡාචාරා පටිවිරතෝහෝති " සීලය රැකීමට තමන්හට නොහැකි දැයි විමසයි. ඔහුට කෙසේ පිළිතුරු දිය යුතුද * මහාඅරහතුන් වහන්සේලාට විජිනිපතක් ලෙස විශේෂ වටාපතන් සකස් කොට තිබුණාද * පින්, පව් සහ කුසල් , අකුසල් ගැන පහදා දෙන්න * බෙහෙවින්ම පව් කළ අයෙකුට මරණාසන්න මොහොතේ පිරිත් අහන්නට සැලැස්වීමෙන් යහපතක් සිදු වේද * දෙවියන්ට පින්දීමේදී සම්මා දිට්ඨික දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා කීම හරිද* සංකිත්තේන පංච උපාදානක්කන්ධා දුක්ඛා යන්නෙහි "සංකිත්තේන" යන්න පහදා දෙන්න * ධාතු විභංග සූත්‍රයට අනුව අජ්ජත්ත හා බහිද්ධ වශයෙන් උපාදාන වී ඇති ධාතු, ගති බවට පත්වන ආකාරය උදාහරණයකින් පහදා දෙන්න *අනුගමනීය ප්‍රතිපදාව අසා දැනගත් පසු, අනුගමනය කිරීමට වඩා දැනුම සොයන්නට හෝ පොත් ලියන්නට පෙළඹීම මහා මහායානික ආගම හරහා ඇතිවූ සම්ප්‍රදායක්ද * බුදුදහමේ බොහෝ තැන් වල සඳහන් වන "අස්ස"යන පදය ගැන පහදා දෙන්න * සමන රජු සෝවාන් බවට පත්වීමේදී සවන් දීමට ලැබුණු දේශනා මොනවාද * රාජකාරි කටයුතු කිරීමේදී වැරදි කරන අය සඳහා විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවීමේදී ඒ අය පීඩාවට පත් වීම ගැන , පසුව කල්පනා කිරීම නිසා අපටද හිතට පීඩාවකි ,එය අපගේ ධර්ම මාර්ගයට බාධාවක් වේද * භාවනාවේ ඇති "යුගනද්ධ" යන්න සහ අදුක්ඛම අසුඛ යන්න පහදා දෙන්න * සම්මා සංකප්ප යටතේ ඇති අවිහිංසා සවිතක්ක සවිචාර සහ විහිංසා විතක්කවිචාර ගැන පහදා දෙන්න * තමා සවන් දෙන ධර්ම දේශකයාණන් වහන්සේව උපාදානය කරගැනීම වරදක්දැයි පෙන්වා දෙන්න * ධර්ම මාර්ගය අනුගමනය කරන විවාහක කෙනෙක් අයථා සම්බන්ධතා ගොඩනගා ගැනීම තම මගට බාධක එකතු කර ගැනීමක් නොවේද *බොහෝ පින්දහම් කළ මගේ සොහොයුරා කොරෝනා වසංගතයෙන් මියයන අවස්ථාවේ තදබල වේදනා විඳි නිසා ඔහුගේ ඉදිරි ජීවිතය දුක්ඛිත තැනකට යාමට ඉඩ තිබේද * සංසාරගත ඥාතීන්ට පින්දීමේ දී එකිනෙකාගේ නම් වශයෙන්ම කියා පින් දීම කළ යුතුද >>>

පඨමධම්මවිහාරී සහ​ දුතියධම්මවිහාරී සුත‍්තං​ - ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව - 13/02/2022

ආරභථ - නෙක්ඛමථ යුඤ්ඣත බුද්ධ ශාසනයට ඇතුලත් වීමට අසමත් වූ නො ධම්මවිහාරී පුද්ගලයින් සිව් දෙනෙක් ගැන * (i) බුදු දහමේ සූත්‍තං ගෙය්යං, ව්‍යාකරණං, ආදී කොට ඇති ධම්ම පරියත්තිය ගැන බොහෝ කරුණු දන්නා අයෙක් වූවත්, දහම ගැඹුරින් නොදකී නම්,අජ්ජත්තංචේතෝ සමථං සඳහා යුඥ්ඦති බුද්ධ සාසනයේ අනුගමනීය පටිපදාවේ නොයෙදෙයි නම් ඔහු රිඥ්ඣති පටිසල්ලානං නානුයුඤ්ජති වූ "" පරියත්ති බහුලෝ නො ධම්මවිහාරී"" පුද්ගලයෙක් වේ. (ii)පෙරසේම ධම්ම පරියාය හොඳින් අසා දැනුමක් ලැබ සිටියද, අනුන්ට මැනැවින් ධර්මය දේශනා කළත්, තමන්ගේ අඣත්තං චේතො සමතං පිණිස යුඥ්ඣති බුද්ධසාසනයේ අනුගමනීය පටිපදාවේ නොයෙදේ නම් ඔහු"සඥ්ඥත්ති බහුලෝ නොධම්මවිහාරී " වූ දෙවැනි පුද්ගලයායි. (iii) තෙවනුව පෙරසේම හොඳින් පරියාප්ති ධර්මය අසා මතකයේ තබා ගත්තද අර්ථ- ධර්ම - නිරුක්ති - පටිසංභිදා ගැඹුරින් නොදැන ඉතා හොඳින් සජ්ජායනා පමණක් කරයි නම්, ඔහු අනුගමනීය පටිපදාවේ නොයෙදෙන රිඥ්ඥති පටිසල්ලානං නානුයුඤ්ජති අයෙකි. ""සඣ්ජාය බහුලෝ නො ධම්මවිහාරී "" පුද්ගලයෙකි. (iv) සිව් වෙනුව පෙරසේම පරියාප්ති ධර්මය අසා දහම පිළිබඳ බොහෝ වචන දැන සිටියද, ධර්මයේ අර්ථ, ධර්ම, නිරුක්ති,ආදී පිලිබඳ නැවත නැවතත් විතක්කවිචාර පවත්වමින් තර්ක විතර්ක ඉදිරිපත් කරමින් රිඥ්ඥතිපටිසල්ලානං නානුයුඤ්ජති ලෙස අනුගමනීය පටිපදාව මඟහරී නම් ඔහුද යුඥ්ඦති බුද්ධ සාසනයේ නොයෙදෙන "" විතක්කබහුලො නො ධම්මවිහාරී " පුද්ගලයෙක් වෙයි. *මේ ධම්මවිහාරී නොවූ මේ පුද්ගලයින් සිව් දෙනා අනුගමනීය පටිපදාවෙන් තොරවීම නිසා නිවන් මඟ වසා ගනී. ## ධම්මවිහාරීහෝති වූ අරිය පුද්ගලයා *භික්ඛු ධම්මංපරියාපුණාති සුත්තං,ගෙය්යං,ව්‍යාකරණං ..... ආදී සියලුම ධම්මපරියාය කට පාඩමින් දැන හෝ නොදැන වුවත්, දිවසංඅතිනාමේති - නාපි රිඤ්ඤති පටිසල්ලානං ලෙස අජ්ඣත්තං චෙතො සමථං සඳහා වූ යුඥ්ඥති- අනුයුඥ්ඥති - බුද්ධ සාසනයේ අනුගමනීය පටිපදාවේ නොකඩවාම යෙදෙයි. එම භික්ඛුව සැබැවින්ම ධම්මවිහාරීහෝති ලෙස අරිය මඟ යන්නෙකි - සෝ ඒවංකෝ "භික්ඛු ධම්මවිහාරීහෝති" ය * ඔහු නිවන් මඟ විවර කරගත් ධම්මවිහාරී හෝතී වූ අරිය පුද්ගලයෙකි **** බුද්ධ කාලයේද මෙසේ නිවන් මඟ වසාගත් පරියත්ති බහුලෝ, සඥ්ඥත්ති බහුලෝ,සඣ්ජාය බහුලෝ,විතක්ක බහුලෝ ලෙසින් ධම්මවිහාරී නොවූ පුද්ගලයින් සිව් දෙනෙක් ගැන සහ,,,,,නිවන් මඟට පිලිපන් යුඥ්ඦති බුද්ධ සාසනයේ අනුගමනීය පටිපදාවේ යෙදෙන, එක් භික්ඛුවක පිලිබඳවත් දේශනා කොට ඇත. ඒ ඒ මොහොතේම කෙලෙස් මුල් උදුරා දැමීමට කටයුතු කළයුතු බව ,,,,මෙසේ "පඨම ධම්මවිහාරී"" සූත්‍රය තුලින්පෙන්වා දීම* ****දුතිය ධම්මවිහාරී සූත්‍රය **** මේ ආකාරයේම නොධම්මවිහාරී පුද්ගලයින් සිව් දෙනෙක් සහ ධම්මවිහාරීහෝති වූ පුද්ගලයෙක් පිලිබඳව නැවත මතුකොට පෙන්වීම ** උතරිංචස්ස පඥ්ඥාය අත්ථං නප්පජානාති පුද්ගලයා * ධර්මය වචන දනී,පදපරම අරුත් දනී, එහෙත් නිවනට උපකාර වන ධර්මාර්ථය සහ දහම නිසා තමා තුල ඇතිවන වෙනස ගැන නප්පජානාති වේ..බොහෝ කරුණු දැනගත්තද ඔහු "පරියත්ති බහුලෝ" නොධම්මවිහාරී හෝතී අයෙකි. ** දෙවන පුද්ගලයා ද පෙර සේම දැනුමෙන් යුතුව "ධම්මං පරේසංදේසේති "ලෙස අනුන්ට ගැඹුරු දහම් වචන දේශනා කළද පඥ්ඥාය අත්ථං නප්පජානාති අයෙකි. තමා අත්නොදුටු,අත් නොවිඳි දෙයක් ගැන දේශනා කරන "සඥ්ඥත්ති බහුලෝ" නොධම්මවිහාරී පුද්ගලයෙකි. ** තෙවැනියාද පෙරසේ උතරිංචස්ස පඥ්ඥාය අත්ථං නප්පජානාති අයෙකි. නිවනට උපකාර වන ගැඹුරු ධර්මාර්ථයද නොදනී ,,අනුගමනීය පටිපදාව නොදන්නා බැවින් ධර්මය නිසා තම සිත තුල ඇතිවන වෙනසද නොදනී. එහෙත් ධර්ම වචන මැනැවින් පාඩම් කොට මැනැවින් සඩ්ජ්ජායනා කරයි. ඔහු ද "සඣ්ජාය බහුලෝ නොධම්මවිහාරී " පුද්ගලයෙක් වෙයි. ** සිව් වැනි පුද්ගලයා ද පෙරසේ බොහෝ දහම් වචන දනී, නිවනට උපකාර වන ගැඹුරු දහම් අරුත් නොදනී, "ධම්මං චේතසා අනුවිතක්කේන අනුවිචාරේති" ලෙසින් නැවත නැවතත් තර්ක විතර්ක කරයි. ඔහුද උතරිංචස්ස පඥ්ඥාය අත්ථං නප්පජානාති අයෙකි. ඔහු "විතක්ක බහුලෝ නො ධම්ම විහාරී" පුද්ගලයෙකි. ## පස් වෙනුව පෙන්වා දෙන ""ධම්මවිහාරීහෝතී "" වූ පුද්ගලයා පෙරසේම පරියාප්ති සාසනයේ ,ගාථා,ගෙයියං,උදානං ආදී .......කොටසක් හෝ දනී. ඒ දන්නා සුළු කොටස වුවත් "උතරිංචස්ස පඥ්ඥාය අත්ථං පජානාති" සේ ගැඹුරු ධර්මාර්ථය නිවැරදිව වටහා ගනී, ධර්මය නිසා තමා තුල ඇතිවන වෙනස මැනැවින් තේරුම් ගනී. ඒ අනුව ධම්මවිහාරීහෝති වූ ඒ පුද්ගලයා අනුගමනීය පටිපදාවේ යෙදී මඟඵල ලබයි. ~~~~~~~ එසේ නොධම්මවිහාරී වූ පුද්ගලයින් සිව් දෙනෙක් සහ~~~~ ධම්මවිහාරීහෝති වූ එක් පුද්ගලයෙක් ගැන ~~දුතිය ධම්ම විහාරී ~~ සූත්‍රයෙන් නැවත පෙන්වාදීම ප්‍රශ්න >> චත්තාරිසක සූත්‍රයෙහි සඳහන් විදිහට සම්මා දිට්ඨියට පත් වෙනවා යනු උතුම් සෝතාපත්තියට පත්වීමද * අප ජීවත් වන විශ්වය තුළ සිදුවන ක්‍රියාවලිය යම් ක්‍රමානුකූල රිද්මයක් දක්නට ලැබේ,මේ ක්‍රමානුකූල බව සමහර පුද්ගලයින් සර්ව බලධාරියෙකට පැවරුවත් විශ්වයේ විඥාණයක් කියා දෙයක් තිබෙනවාද - නැතහොත් එය සත්වයින්ගේ විඤ්ඤාණයෙන් බල ගැන්වෙනවාද *යම් කිසි දවසක සියලුම සත්වයින්ගේ විඤ්ඤාණ ශක්තිය අහෝසි වී ගියහොත් , විශ්වයේ පැවැත්මක් කියා දෙයක් තිබිය හැකිද * රූපාවචර - අරූපාවචර සහ සසංකාරික - අසංකාරික යන තත්වයන්හි දස සංයෝජන වල වෙනසක් තිබේද * ආදේශනා ප්‍රාතිහාර්ය කිරීම නොසුදුසු බව බුදු පියාණන් වදාලේ භික්ඛු පිරිසටද- එය ගිහියන්ටත් අදාල වේද - ගිහියන්ටත් විනය පිටකය ඇසුරු කළ යුතු අවස්ථා තිබේද * පරතෝඝෝෂක ප්‍රත්‍යය පිණිස මගඵල ලාභී උත්තමයකගේ අභිමුඛයේ සිට ධර්මශ්‍රවණය කිරීමේදී කොපමණ දුරක් බලපානවද * සෝතාපන්න පුද්ගලයා ධර්මතාවයෙන්ම ආනන්තරීය කර්මවලින් වැළැකුණද එවන් පුද්ගලයෙකුට ජීවිතයේ කවර අවස්ථාවක හෝ ආනන්තරීය පාප කර්මයක් සිදු කිරීමේ සිතුවිල්ලක් මතුවිය හැකිද * ගරුක කර්ම ගැන පහදා දෙන්න * සබ්බං පහාය ගමනීයං යන්න පහදා දෙන්න * ආහුණෙය්‍ය සූත්‍රය ඇසුරින් ,"ගෝත්‍රභූ" යන පදය ගැන පැනයක් * " ඛීණා ජාති වුසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉතත්ථායාති පජානාති "යන්න පහදා දෙන්න * වැරැද්දක් වී ඇති නම් අරිය උත්තමයෙක් ළඟදී තෙරුවන් කමා කරගත හැකියි නේද *අරිය අෂ්ඨාංගික මාර්ගයේ ලෞකික සහ ලෝකෝත්තර පැත්ත පහදා දෙන්න * මහා රාහුලෝවාද සූත්‍රයේ " මෙත්තං රාහුල භාවනං භාවේතෝ යෝ ව්‍යාපාදෝ පහීස්සති" ආදී තැන් වල යෝ, යා,යං, යන යෙදුම් මෙසේ යෙදෙන ආකාරය ගැන පහදා දෙන්න * මහ බෝසතුන්වහන්සේ දීපංකර බුදු පියාණන්ගේ පටන් වෙසන්තර දක්වා බුදුවරුන් 24 දෙනෙකුගෙන් විවරණ ගත්බව ත්‍රිපිටකයේ යම් තැනක සඳහන් වේද යන්න පහදා දෙන්න * දෙතිස් මහා පුරුෂ ලක්ෂණ යන්නෙහි ධර්මාර්ථය පහදා දෙන්න >>>

​ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව - 12/02/2022

පරමාර්ථ ධර්මය යටපත් වීමෙන් අනුගමනීය පටිපදාව අක්‍රිය වී බුදු දහම අභිභවා ආයාචනා, ප්‍රාර්ථනා, යාඥ්ඥා සහිත බුද්ධාගමක් මතුවීම ගැන කරුණු බිඳක් * පින්කම්,සහ ධ්‍යාන උපාදානයෙන් දෙව් මිනිස් සැප සහ ලෞකික සම්පත් ප්‍රාර්ථනා කිරීමට මිනිසුන් පෙළඹවීම බුදු වදන නොවන බව * අපුඤ්ඤාභිසංඛාර වලට වඩා නිවන වසන පුඤ්ඤාහිසංකාර සහ අනේඤ්ඤාභිසංකාර * පිංපොතලිවීම වැනි දේ පුරුදු කිරීම තුලින් සුගති ලෝක කෙරෙහි ඇල්මක් ඇති කිරීම * පින කුසලයක් බවට පත් කරගැනීමට උපකාර වන ඉමිනාපුඤ්ංකකම්මේන ගාථාවේ වටිනාකම * එය සංසාර ණයගණුදෙනුවෙන් මිදීමටද උපකාර වන බව * වස්තුකාම, ක්ලේශකාම , තරමටම ධ්‍යාන හෝ පින උපාදානයෙන් තමන්ම හදා ගන්නා බැම්ම වරදක් බව දැක, ධ්‍යානද අනිච්ච, දුක්ඛ, විපරිණාම ධම්ම සේ දැක ඉන් මිදිය යුතු බව * තයොමෙ සංකාරා දැන,දැක අකුසලෙහි වුට්ඨාපෙත්වා ලෙස ඉන් මිදී නිදහස් වීම - සහ කුසලෙහි පඨිත්ථා පේතුං ලෙස කුසලස්ස උපසංපදා පූරණය කරගන්නා මඟ අරඹන ආකාරය * එසේ කිරීමෙන් ධම්මවිහාරීහෝතී ලෙස යුඥ්ඣති බුද්ධ සාසනයට ඇතුලත් වීම,අනුගමනීය පටිපදාවේ පිහිටීම* ඉන්ද්‍රිය ධර්ම - බල ධර්ම - බලගැන්වෙන ආකාරය * සමාධි ඉන්ද්‍රිය බලගැන්වීම නිසා අරිය ධ්‍යාන ලැබීම සහ අරිය සාවකයෙක් ලෙස ධ්‍යානවලින්ද මිදී නිදහස් විය යුතු බව * චන්ද රාගය,උපාදානය, අතහැර නිබ්බිදාය වීම * මාගධී බුද්ධ භාෂිතය නිවැරැදිව අර්ථ, ධර්ම, නිරුක්ති, පටිසංභිදා මතුකොට පෙන්වාදී මතුවන කෙලෙස් මුල් ඒ ඒ අවස්ථාවේම උදුරා දැමීම - පච්චුපන්නංච යො ධම්මො එත්ත එත්ත විපස්සති * පරම දුල්ලභෝ වූ මනුස්සත්ත පටිලාභය ලද මහඟු අවස්ථාවේදී පමණක් යුඥ්ඣති බුද්ධ සාසනයේ පිහිටා කටයුතු කළහැකි බව * යෝනිසෝ මනසිකාරය - පජානාති - නප්පජානාති - තේසං හේතුං නිවැරැදිව හඳුනා ගැනීම * රාග- ද්වේශ-මෝහ - මුල වඩා වර්ධනය වන අවස්ථාවේ විඥ්ඥාණ ශක්තියක් බිහිවීමට එද්දී එය නිවැරැදිව හඳුනාගෙන ආනපාන සති සමාධි භාවනාව සතර අනුස්සති සහිතව නිවැරදිවත්, ප්‍රායෝගිකවත්, යුගනද්ධවත්, සතර ඉරියව්වේදීම වැඩීමෙන් හිත කිලිටි වීම නවත්වා අනුගමනීය පටිපදාව පූරණය කරගත යුතු බව * තම සිතට අරමුණු වන දේ නිවැරැදිව යෝනිසෝ මනසිකාරයෙන් යුතුව විමසා බලා සෝ සතෝව අස්සසති - සො සතොව පස්සසති ලෙස, ඇසුරු කල යුතුද - ප්‍රහාණය කලයුතුදැයි - දැන හේතුඵල දහමට බහා ගලපා ණය විනයට සඳහා බලා කටයුතු කිරීම * අනුසය නානුසේති කිරීම හෙවත් අනුප්පාද නිරෝධයෙන් කටයුතු කරන්ට හැකි බුද්ධශ්‍රාවකයෙක් බවට පත් වීම * සචිත්තපරියෝදපනං ලෙස සිත පට්ඨාන කර ගැනීමෙන් සතර සතිපට්ඨානය පූරණය කොට සත් තිස්බෝධිපාක්ෂික ධර්ම පූරණය කිරීම * ප්‍රශ්න >>>> අප අතීතයේ නොයෙක් පින්කම් කර අභිසංඛාර කොට කම්මාවරණ විපාකාවරණ ක්ලේශාවරණ හදාගෙන ඇත, මිනිසත් බව ලැබූ මේ මොහොතේ ඒවායින් මිදී නිදහස් වීමට හැකිද * කප්රුක් පූජාවෙන් බලාපොරොත්තු වන්නේ මොනවාද පහදා දෙන්න *සතර කමටහන් වැඩීම පූරණය වීමේදී ඉන්ද්‍රිය ධර්ම - බල ධර්ම බල ගැන්වෙන අවස්ථාවේ සතිබල සහ සමාධි බල, බල ගැන්වෙන විට දැනෙන සුවය කෙරෙහි නැවතත්,අසුභානුස්සතිය , මරණානුස්සතිය, බුද්ධානුස්සතිය වැඩිය යුතුද * පංචස්කන්ධය සේ දකින්නේ ඇස- කන- නාසය- දිව - කය - මනසට දැනෙන දේද, නැතිනම් ඒ ඒ අවස්ථාවේදී සිතේ උපදින දේ ද *දසවස්තුක මිච්චාදිට්ඨියෙන් මිදුනු අය අපාගත නොවී, ලෝක විනාශයකදී වුවත් ආභස්සර බ්‍රහ්ම ලෝක හරහා වෙනත් චක්‍රාවාට වලට ගියත්, මිත්‍යාදෘෂ්ටික අය වෙනත් චක්‍රාවාට වල හෝ අපාගත වන බව අසා ඇත්තෙමු, මේ ගැන විශ්වාස නොකරන වෙනත් ආගම් වල බොහෝ පිරිස් අපාගත වේද * උපාදානය ඉවත් කිරීමට මරණානුස්සතිය, බුද්ධානුස්සතිය වැඩීමේ දී ඒ සඳහා වන අංග අතර අනිස්සිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදියති යන්න පමණක් යුගනද්ධව කිරීම ප්‍රමාණවත් ද * මරණාසන්නව සිට නැවත ජීවත් වීමේ අවස්ථාව ලද අයෙකුගේ අත්දැකීමක් පිළිබඳ පැනයක් * සමහර කෙලෙස් සිතුවිලි සිතට නැගී එද්දී පාලනය කරගැනීමට දැඩි වෙහෙසක් දැරුවත් එය කළ නොහැක ,එම සිතිවිල්ලට කොතරම් අකමැති වුවත් , එයම සිතට එන බැවින් එය වළක්වා, ධම්මානුධම්ම පටිපන්නස්ස තත්වයට සිත පත්කර ගැනීම සඳහා කමටහන් වඩන්නේ කෙසේද * සම්මත ලෝකයේ අංක 13 නපුරු අංකයක් ලෙස සැලකේ, එවන් මත පිළිබඳ පහදා දෙන්න * නිබ්බාණ යනු රාගක්ඛය - ද්වේශක්ඛය - මෝහක්ඛයද, නැතහොත් වීතරාගී, වීතද්වේශී, වීතමෝහී යන්නද. * සතරකමටහන් සහිතව ණයගණුදෙනුවෙන් මිදීම සහ ඥාතීන්ට තුන් සිත පහදා ගෙන පින් අනුමෝදන් කිරීම නිබ්බාණ පූරණය පිණිස ප්‍රමාණවත් වේද * පුනර්භව යන්න පහදා දෙන්න ,මරණයේදී විඥ්ඥාණය නැතිවී ගොස් අලුත් විඤ්ඤාණයක් හට ගන්නවාද >>>

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48 49 50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256