අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

නිබ්බිදාසුත‍්තං / ආසවක‍්ඛයසුත‍්තං - සජීව​ ධම්ම දේශණාව සහ ධම්ම සාකච්ඡාව - 11/09/2021

පරියත්ති බහුලෝ - සඥ්ඥත්ති  බහුලෝ - සජ්ජායබහුලෝ - විතක්කබහුලෝ නධම්මවිහාරි - නඅනුයුඥ්ඦති * නිබ්බිදා සූත්‍රය සහ ආසවක්ඛයේ සූත්‍රය අනුව ධම්මවිහාරී හෝති වන අවස්ථාව *යුඣ්ඦති, අනුයුඣ්ඦති, අනුගමනයෙන් ඒකන්ත නිබ්බිදාය වීම පෙන්වා දුන් ආකාර  පහක් * * අසුභානුපස්සී කායේ විහරති. * ආහාරෙහි පටික්කුල සංඥෙ. * සබ්බලොකෙ අනභිරත සඥ්ඥෙ. *  සබ්බසංකාරේසු අනිච්ච සඤ්ඤේ. * මරණ සඥ්ඥෙ කොපනස්ස සුප්පඨිත්ථා හෝති . * අසුභානුපස්සී කායේ විහරති යන්න පිළිබඳ විග්‍රහය -- සබ්බ කාය  හෙවත් කාය 36 පිළිබඳවම පච්චුප්පන්නයො ධම්මො තත්ථ තත්ථ විපස්සති ලෙසින් යුඥ්ඦති වීමෙන් . * සතර ආහාරයන් පිළිබඳවම පටි කුලකය බෙදා බලමින් පටික්කූල සඥ්ඥාවෙන් කටයුතු කිරීමෙන් . * සියලුම අනෙඤාභිසංකාර ඇතුළු අභිසංකාර අතහැර අභිරත සඥ්ඥා වෙන් මිදී කටයුතු කිරීමෙන් . *  සියලු සංකාර පිළිබඳ ඇති නිච්චතා බවින් මිදීමෙන්. * මරණානුස්සතියෙන් නිච්ච,සුඛ,අත්ථ ඉවත් කිරීමෙන්.   අනුගමනීය පටිපදාව ක්‍රියාත්මක කරමින් යුඥ්ඦති අනුයුඥ්ඦති ලෙසින් කටයුතු කිරීම. *පස් ආකාරයට ආසවක්ඛය කිරීම. පංචධම්මා භාවිතා බහුලීකතා කිරීමෙන් ඒකාන්ත වශයෙන්ම නිබ්බිදාය විරාගාය ආදී ලෙසින්  ආසවක්ඛය කොට, ආරභත, නෙක්ඛමත,යුඣ්ඦත, වූ බුද්ධ සාසනයට අයත් අරිය පුද්ගලයෙක් වීම * ඒ සඳහා සතර ඉරියව්වේදීම භාවිතා කළහැකි  ඒකධම්මො වන ආනපාන සති සමාධිය පූරණය පිණිස පංචනීවරණ ධර්ම වලින් මිදී , සිත තුල ඉන්ද්‍රියධර්ම බලගැන්වීමෙන් නිබ්බිදාය ,විරාගාය,නිරෝධාය පටිනිස්සග්ගාය ආදී ලෙසින් සබ්බූපදි පජහති වීමෙන් ධම්මවිහාරී බවට පත්වීම.>>>>> අනුසය උපදින විට තණ්හා,පටිඝ ,අවිජ්ජා ලෙස විග්‍රහ  කළත්,  ආසව වලදී පටිඝ ආසය නැත්තේ ඇයි - බව ආසව කියන්නේ මොනවාද * උප්පත්ති පටිලාභයත් භව පටිලාභයත් ඛය වන හැටි පැහැදිලි කර  දෙන්න * ගිහි විනය ලෙස හැඳින්වෙන, බුද්ධ දේශනාවේ ඇති පරාභව සූත්‍රය සහ ව්‍යග්ඝපජ්ජ සූත්‍රය කෙලෙස් නැතිකිරීමට උපයෝගී නොවන්නේද  * ආහාරේහි පටික්කුල සඥ්ඥේ යන්න විස්තර කර දෙන්න *සතං සමාගමෝහෝතු යන්න පැහැදිලි කර දෙන්න *පටිසංභිදා මග්ගප්පාලියේ සඥ්ඥා මග්ගෝ වල සඥ්ඥා කතා ඇසුරින් පැනයක් *  ක්‍රීඩා කරද්දී ප්‍රතිවදියා පැරැද්දවීම පිණිස ඔහු  කෙරෙහි යම් ද්වේශයක් ඇති වීම නිසා නිවන් මඟ වැසෙනවාද * මධුපිණ්ඩික සූත්‍රයේ ඇති සති අසති යන්න ආන පාන දෙපැත්තම නොවේද * දීඝංවා රස්සංවා ලෙස ඇති සියලු ආසව  ඛය කරමින් අවසන් කරන්නට හැක්කේ අරහතුන් වහන්සේටද * අනුයුංඥ්ඦති ලෙසින් ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙමින්  සෝතාපන්න මගෙහි සිටම අරිහත් මඟ දක්වා සියලුම අරිය උත්තමයින් ධම්මවිහාරී පුද්ගලයින්ද * කරණීය අකරණීය ධම්ම තෝරාගෙන අනුයුඥ්ඣති ලෙසින් ධම්මවිහාරී හෝතිව මඟ අනුගමනය කරද්දී සමහර අවස්ථාවක  තමා මේ ගතකරන්නේ තමාගේ අවසාන ජාතිය යැයි විටින් විට සිතට දැනී ලැබෙන  සැහැල්ලුව සාමාන්‍ය දෙයක්ද, නැතිනම්   විඥ්ඥායේ වංචක ධර්මයක්ද * හැකි හැම විටම ධර්ම මාර්ගය අනුගමනය කරමින්, දැන දැකගන්නට යුඥ්ඦති, අනුයුංඥ්ජති  වීමට උත්සාහ කරන්නේ උපාදානය වීමක් නිසාද * බණ ඇහුවත්, දහම කතා කළත් ධර්මය වටහා ගැනීමට හැකියාවක් නැත්තේ කම්මාවරණයක් නිසාද * "අත්ථාතියෝවදෙයිය" යන්න පහදා දෙන්න * පූර්ණ ධර්මාවබෝධය ලැබූ පසු  කෙනෙකුට මහණවීමට අවශ්‍ය නම් යම්ගුරුවරයෙක්  නොමැතිව මහණ වීමට හැකිද *  සංකාරසිත ඉවත් කරන්නට උත්සාහ කරද්දී  ක්‍රියා සිත වෙනුවට අව්‍යාකත සිතක් මතුවේ නම් එය හඳුනාගන්නේ කෙසේද >>>

පඨමධම්මවිහාරී, දුතියධම්මවිහාරී සුත‍්තං - සජීව​ ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව - 05/09/2021

ආරභත - නෙක්ඛමත - යුඥ්ඦත -බුද්ධ සාසනය තුල  ධම්මවිහාරීහෝති අයෙක් වියයුත්තේ ඇයි * ධම්ම විහාරී නොවූ භික්ෂූන් සිව් දෙනෙක් සහ ධම්ම විහාරී වූ භික්ෂුව කවුරුන් දැයි හඳුනාගැනීම පිණිස දේශනා කළ ධම්මවිහාරී සූත්‍ර * සිව්වනක් පිරිසේ අයෙක් ලෙස දහම් දැනුමෙන් පරිපූර්ණ උගතෙක් වුවද අන් අයට දේශනා කරන්නටද හැකිවුවද, සමුදය නිරෝධ ගාමිණී පටිපදාවේ නොයෙදේ නම්, 1)භික්ඛු පරියත්ති බහුලො නොධම්ම විහාරි අයෙක් නම්, ප්‍රඥ්ඥා විමුක්තියට පත් නොවූ අයෙක් හෙවත්,  ධම්මවිහාරී නොවන අයෙක්  වේ. * 2)තමන් මනාව උගත් වුවද,අන් අයට දේශනා කළ හැකි වුවද සඥ්ඥත්ති බහුලො අයෙක් නම් ඔහු ධම්මවිහාරී අයෙක් නොවන බව . * රිඤ්චති පටිසල්ලානං නානුයුඤ්ජති ....ථාසුතං,ථාපරිත්තං, ධම්මං  විත්ථායරන සජ්ඣාං කයරාති සජ්ජායනය පමණක් කරයි නම් 3) සජ්ඣා බහුලෝ නො ධම්ම විහාරී හෙවත් ධම්මවිහාරී අයෙක් නොවනබව * අනුවිතයක්කති අනුවිචාරයරති, මනසානුයපෙක්ඛති,,,,,,,රිංචති පටිසල්ලානං නානුයුඤ්ජති නම්  4)විතක්ක බහුලො නො ධම්ම විහාරී. * 5) භික්ඛු ධම්මං පරියාපුණ්නං.....යසා තාධම්මපරියත්තියා....නදිවසංඅතිනායමති නාපි රිඤ්චති පටිසල්ලානං ,  අනුයුඤ්ජති....ලෙසින් නිවැරැදිව අනුගමනීය මඟ වඩන පුද්ගලයා  පමණක්  ධම්මවිහාරී අයෙක් ලෙස බුද්ධ සාසනයට අයත් අයෙක් වෙයි * ධම්ම විහාරී නොවූ පරිත්ති බහුයලා, සඤ්ඤත්ති බහුයලා, සජ්ඣාබහුයලා , විතක්ක බහුයලා, යන නානුයුංඥ්ජති පුද්ගලයා හෙවත් ධම්මවිහාරීනොවූ, නප්පජානාති වූවකු  බුද්ධ සාසනයට අයත් වූවකු නොවේ. *යුඥ්ඦත බුද්ධ සාසනය පූරණය පිණිස අනුගමනීය පටිපදාව වන  ආනපාන සති සමාධිය චතුරාරක්ඛා සහිතව නිවැරැදිවත් ප්‍රායෝගිකවත් යුගනද්ධවත් වඩමින් භාවිතො බහුලීකතෝ කිරීම. * යුඤ්ඦති, අනුයුඤ්ඦති,ධම්මවිහාරී වූ පුද්ගලයා,  පච්චුපන්නංච යො ධම්මො තත්ථ තත්ථ විපස්සති ලෙසින් චතුරාරක්ඛා වඩන්නේ කුමක් පිණිසදැයි තමා තුලින්ම දැන දැක ගනී * පජානාති වූ එම පුද්ගලයා තුලබොජ්ජංග ධර්ම වැඩේ. තමා තුල ඇතිවන වෙනස තමාටම  දැනගනී. ආරභත - නෙක්ඛමත -යුඤ්ජත - බුද්ධ සාසනයට අයත් අයෙක් වෙයි.>>>> රාග - නන්දිරාග සහ අභිනන්දන අතර වෙනස කුමක්ද *භෝග සුඛය ගැන ලෞකික ලෝකෝත්තර අර්ථයන් පහදා දෙන්න * අස්සුතවත් පෘතග්ජනයෙක්ට  බුදුබණ නොඅසා අරිය ධ්‍යානයක් ලබාගත හැකිද *යම් පුද්ගලයෙක් හෝ සත්වයෙක් ඔළු දෙකක් සහිතව ඉපදුනොත් ඒ සත්වයාට  විඥ්ඥාණ දෙකක් පිහිටනවාද *  ද්වේශය සහ පටිඝය අතර වෙනස පහදා දෙන්න * සක්කාය දිට්ඨිය,විචිකිච්ඡා ,සීලබ්බත පරාමාස, කඩා කාමරාග පටිඝයද ඉවත් කළ පුද්ගලයා තුල අවිජ්ජාව තිබේද * ගච්චාමි සරණං බුද්ධං,ධම්මං,සංඝං කරන්නට පෙර විරජං වීතමළං වියයුතු ද *  පේත භූත වැනි කොටස් සහ  දිව්‍ය තල වල සිටින අයට  තමන්ගේ පෙර ජාති ගැන දැනගතහැකි  වුවත් මිනිසුන්ට එසේ නොහැක්කේ ඇයි * ප්‍රාර්ථනා - අධිෂ්ඨාන - සත්‍යක්‍රියාව - අතරින් වඩාත් සුදුසු වන්නේ කුමක්ද * "මඟඵල ලාභියෙක් සංඛාර උපෙක්ඛා ඥාණය තුන් ආකාරයකින් අවබෝධ කරගනී"  යන්න පහදා දෙන්න * කාම තණ්හා - භවතණ්හා - විභවතණ්හා - සහ කාමරාග භවරාග අතර සංබන්ධයක් තිබේද * දීඝංවා වල තීව්‍ර තාවය සහ අවිජ්ජාමුල පටිච්චසමුප්පාද ආරම්භය අතර සහ සංබන්ධයක් තිබේද  * බුදුපියාණන් නැතිකලේ දුකද,නැතිනම් පැවැත්මද * බෝධි මූලයේදී සියලු දුක නැතිකොට ඒ සුවය ජීවිතය තුලදීම අත්දුටුවාද, නැතිනම් දුකින් මිදීම අත්දකින්නේ මරණයෙන් පසුවද *උපාදානයෙන් තොරව පංචස්කන්ධය පරිහරණය කරන්නේ කෙසේද * උපේක්ෂාවට රාගයෙන් බැඳෙනවාද *  දහම අසා නිවැරැදිව   මඟ වඩමින් යන මා හට සිතෙහි නිවීමක් දැනුනද, වරෙක එය මායාවක් ලෙස දැනෙන්නේ ඇයි * ආකාසඥ්ඥායතන....ආදී සහ සංඥාවේදයිත නිරෝධය  පිළිබඳ   පැනයක් * බහුධාතු සූත්‍රය ඇසුරින් පැනයක් *පරවීමංසන සූත්‍රය ඇසුරින් කාය පරියන්තිකං  සහ ජීවිත පරියන්තිකං ගැන පැනයක් * කාමරාග සහ පටිඝ යන සංයෝජන දෙක ඕලාරිකංවා සහ සුකුමංවා ලෙස ඉවත් කොට නිදහස් වීම ගැන පහදා දෙන්න * යමෙක් තමා විසින්ම අවැඩක් කරගන්නට යද්දී  ණය ගණුදෙනුවකට නොබැඳී ඔහුව මුදවා නිදහස් කර ගන්නේ කෙසේද  * සමාධිභාවනා සූත්‍රයේ සතිසංපජඥ්ඥා ක්‍රමය සහ ආසව ඛය කිරීමේ ක්‍රමය ගැන තව දුරටත් පහදා දෙන්න * ශරීර කූඩුවේ කොටස් තිස් දෙක මනාප හෝ අමනාපං ලෙස ගත්තොත් නිවන් මඟ පැටලෙනවා නේද >>>

සජීව​ ධම්ම දේශණාව සහ ධම්ම සාකච්ඡාව - 04/09/2021

පච්චුපන්නංච යො ධම්මො තත්ථ තත්‍ථ විපස්සති * වසර 45 ක් පුරා කළ දේශනාව කැටිකොට මහාපරිනිබ්බාණ සූත්‍රයේ දැක්වූ ධර්ම කරුණු ගැන * චතුංනං අරිය සච්චානං පිලිබඳව අනනුබෝධා අප්පටිවේදා  වීමෙන්  සසර දිගුවන ආකාරය සහ  චතු අරිය සච්ච පිළිබඳව නිවැරදි දැක්ම * යංකිංචි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං *  කසින පිරියම් හෝ ප්‍රාණයාම භාවනා හෝ සමුදය නිරෝධ කිරීමේ මඟ නොවන බව  * සමුදය නිරෝධය පිණිස ආනපාන සති සමාධි භික්ඛවෙ ඒකධම්මො භාවිතො බහුලීකතෝ *  ආනපාන සති භාවනාව චතුරාරක්ඛා ලෙස නිවැරැදි වත්,ප්‍රායෝගිකවත් ,යුගනද්ධවත්  වැඩීම තුලින් සියලු උපාදානයන්ගෙන් මිදී නිබ්බාණ සාක්ෂාත් කළහැකි බව * සතර ඉරියව්වේදීම වැඩිය හැකි  සතර කමටහන් *  සාස්තං සව්‍යංජනං කේවලපරිපුණ්නං පරිසුද්ධං වූ බුද්ධ දේශනාව >>වර්තමානයේ මේ සමාජය බොහෝ  විපරීතවී  කාර්‍ය බහුල වීම නිසා බහුලව දැකිය හැකි මානසික ආතතිය වැනි බාධාවන්ගෙන් මිදී  ධර්ම මාර්ගයට පැමිණීමට හැකි ක්‍රමය කුමක්ද  * මම කොට ගන්නා පංචස්කන්ධය අජ්ජත්ත ලෙසත්, මගේ කොටගන්නා පංචස්කන්ධය බහිද්ධ ලෙසත් සැලකීම හරිද * යම් කෙනෙක් සිරිසද්ධර්මය නිතර ඇසුවත්, ධම්මධර වුවත් යම් කමටහනක් ලද විට ඒ අනුව තමා තුලින් ඇතිවන වෙනස හඳුනාගත නොහැකි වන්නේ  නප්පජානාති නිසාද * වීර්‍යාධික හෝ සද්ධාධික බුද්ධ සාසනයක ප්‍රඥ්ඥාධික  බුද්ධශ්‍රාවකයන් සිටිය නොහැකිද * වර්තමානයේ බහුලව සාකච්ඡා වෙන දියසෙන් ශක්තිය ගැන ධර්මානුකූලව පහදා දෙන්න * අරියමඟ වඩන පුද්ගලයෙකු තමන්ගේ  අනුදැනුමකින් තොරව මාංශමය ආහාරයක් ගැනුනොත් ණයගණු දෙනුවකට බැඳේද * නියාම ධර්ම පවතින්නේ කෙසේද,කොහේද * සම්මත බුද්ධාගම තුල බුදුපියාණන් පෙන්වා දුන් සුඤ්ඤතාව දකින්නට ලැබේද  >>>

නිකිණි​ පොහොය​ 2021 ~ යොගසුත‍්තං ~ සජීව​ ධම්ම දේශණාව සහ ධම්ම සාකච්ඡාව

කාම යෝග- බව යෝග - දිට්ඨි යෝග - අවිජ්ජා යෝග ලෙසින් බුදුපියාණන් පෙන්වා දෙන යෝග 4ක් ගැන * කාමානං සමුදයංච- අත්තංගමංච - අස්සාදංච -ආදීනවංච- නිස්සරණංච - නප්පජානාති වීම නිසා සිතක සැකසෙන කාමයෝග * ඒ අනුව කාමරාග- කාම සිනෙහො- කාම මුච්ඡා-කාම පිපාසා-කාම පරිළාහෝ-කාමජෙඣාසානං- කාම තණ්හා - අප්පජානතො නිසා කාමයෝග සානුසේති වීම වන ආකාරය පිළිබඳව කළ විග්‍රහය * එම ආකාරයෙන්ම පියවරෙන් පියවරට භව යෝග පිළිබඳවද නප්පජානාති වීමේ හේතුවෙන් භව යෝග සකස් වීම සහ පෙර පරිදිම  අප්පජානතො ලෙස භව රාගෝ -භවනන්දි  ආදී පියවරෙන් පියවරට යෝග ක්‍රියාත්මක ලෙස සානුසේති වීම * නැවතත් එම ආකාරයෙන්ම පියවරෙන් පියවරට දිට්ඨි  යෝග පිළිබඳවද නප්පජානාති වීමේ හේතුවෙන් දිට්ඨි  යෝග සකස් වීම සහ අප්පජානතො ලෙසින් දිට්ඨි යෝග සානුසේති වීම * ඒකච්චොඡන්නංඵස්සායතනං සමුදයංච,අත්තංගමංච... ආදීකොට  එම ආකාරයෙන්ම පියවරෙන් පියවරට අවිජ්ජා යෝග පිළිබඳවද නප්පජානාති වීම හේතුවෙන් අවිජ්ජා යෝග සකස් වීම සහ අප්පජානතොයා ඡසු ඵස්සායතනෙසු අවිජ්ජා අඤ්ඤාණං සානුසෙති  ලෙසින් අවිජ්ජා යෝග  වලින් බැඳීම සහ මේ සතර ආකාරයේ යෝග නිසා සංසාර බැම්ම තදින් සකස් වන ආකාරය පෙන්වා දීම *  අවිජ්ජායෝග විසංයෝගො - කාමයෝග විසංයෝගො -භවයෝග විසංයෝගො - දිට්ඨියෝග විසංයොගො කිරීමේ මග පෙන්වා දීම . යෙච කාමෙ පරිඥ්ඥාය භව යොගඤ්ච සබ්බසො දිට්ඨියොගං  සමූහච්ච අවිජ්ජඤ්ච විරාජයං  සබ්බයොගවිසංයුත්තො තෙ යොගාතිමුනීති .ලෙසින් යෝග පිළිබඳව යථාභූත ඥාණයෙන් දැන දැක ගැනීමෙන් ඒවා මුලින් උදුරා දැමීම පිණිස  භාවිතොබහුලීකතෝ කරමින් අනුගමනය කළයුතු ඒකධම්මො ලෙස බුද්ධ දේශනාවේ පෙන්වා දෙන  නිවැරැදිවත්, ප්‍රායෝගිකවත්, යුගනද්ධවත් වැඩියයුතු චතුරාරක්ඛා සහිත ආනපාන සති සමාධි භාවනාව * භව- භවය ලෙස ගැනීමෙන් වූ විකෘතිය, සහ මූල අට්ඨකතා උපකාරයෙන් විශුද්ධි මාර්ගය  ලියූවද , මාගධි බුද්ධ දේශනාවේ ගාථා ඊට ඇතුලත් කොට තිබුණද පරිවර්තනයේදී ඒවාට  වැරදි අර්ථ ලියා තැබීම නිසා නිවන් මඟ වැසී යාම* ප්‍රාණයාම භාවනා ,කසින පිරියම් වැනි බුද්ධ දේශනාවට පෙර පවා පැවති අනරිය භාවනා බුද්ධ දේශනාව ලෙසින් ප්‍රචලිත කොට ඒත්තු ගැන්වීම නිසා නිවැරදි බුද්ධ ආනපාන සති සමාධි භාවනාව යටපත් වීමෙන් නිවන් මඟ යටපත් වූ ආකාරය ගැන විග්‍රහය >>> පච්චුප්පන්නංච යෝ ධම්මො තත්ථ තත්ථ විපස්සති යන්න පහදා දෙන්න * ඕඝ සහ විසංයෝග  යනු මොනවාද * ආහුනෙයිය පාහුනෙයිය යන්නෙහි ආයු,පාහු යනු ආනපානමද * අද පරම පවිත්‍ර සිරි සද්ධර්මය අසන්නට අවස්ථාව ලැබී තිබෙන නිසා බුදුමග නිවැරදිවමඅනුගමනය කරන අයෙකුට විශ්වයේ තියන බුද්ධ ශක්තියට අනුගත වීමට අවශ්‍ය වන්නේ ඇයි * යම්කිසි කෙනෙකුගේ දුකට හේතුවන්නේ අස්මිමානය බව ඔබවහන්සේගේ දේශනාව සවන්දීමෙන් පසක් වුනි, ඒ මග වඩන ආකාරය පහදා දෙන්න  * අවිජ්ජා යෝග විසංයෝග කිරීමේදී ඵස්සආයතනය ක්‍රියාත්මක වන ආකාරය පහදා දෙන්න * ඔබ වහන්සේගෙන්  කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබා ගැනීමට  විදේශයක සිට විද්‍යුත්මාර්ගයෙන් බණ ඇසීමෙන් හැකිද * සෝතාපත්ති ඵලයට පත්වූ අයෙක් තුල බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ධම්මෙහි යන්න පහදා දෙන්න * බණඅසා මග වඩමින් අධිෂ්ඨානයෙන් සිටින මට පෙර තරම් සිතිවිලි එන්නේ නැත්තේ මා නිවැරැදි මඟ සිටින නිසාද* අධි පඤ්ඤා ධම්ම විපස්සනා විහරති ආදී කොටස ගැන පහදා දෙන්න *  සියළු ලෝක සත්වයින්ට මෛත්‍රී චිත්තයෙන් සුදු කිරණ  පැතිරවීම යහපතක්සේම නිවනට උපකාර යක්ද * නාලන්දා ගෙඩිගේ සහ හිරිවඩුන්න ජයසිරි මහ බෝධිය අතර භූමි ප්‍රදේශවල සම්බන්ධතාවයක් තිබුණාද*  යමෙක් වායෝ ධාතුවට කරන ලද හිංගි හිංසාවක් නිසා කොරෝනා වැනි රෝගවලින් අධික පීඩා  විඳින්නට හේතු වේද * පංච උපාදානස්කන්ධය නිරෝධ කිරීම මගින් භව නිරෝධ කළ හැකිද * විඤ්ඤාණ ඥාණ, පඤ්ඤා යන තිපරිවට්ටය පිළිබඳ පහදා දෙන්න*  දූරං ගමං ඒක චරං යන්න පහදා දෙන්න * ජ්‍යොතිෂය ඇති නරක යෝගවලට පසඟ පිහිටුවා පිළියම් කිරීම සහ බුද්ධ දේශනාවේ සඳහන් වන යෝග ගැන පහදා දෙන්න *  හිතේ සංඛාර ඇති වන විට එය තමාට දැකගත හැකි වන්නේ  කෙසේද * ආයතන හයට සංඥා එන්නේ එක්වර එකක් බැගින් වෙන වෙනම ද * අප විසින් තාප්ප වැට බැඳ, කැමරා සවිකොට ආරක්ෂා කරගන්නට  උත්සාහ කරන්නේ උපාදානය කරගත් දේම නේද >>>

සජීව​ ධම්ම දේශණාව සහ ධම්ම සාකච්ඡාව - 21/08/2021

බවගාමී පටිපදාව -  කර්මබීජ සකස්වීම  * රුජ්ජති - සාරුජ්ජති- අනුරුජ්ජති - විරුජ්ජති- පටිවිරුජ්ජති  *ඒතං මම - ඒතොහමස්මිං - ඒතොමෙ අත්තාති *  සක්කාය සමුදයගාමිණී පටිපදාව * අනුසය සකස් වීම  *අරමුණු වන පංචස්කන්ධය උපාදානය කොට නිච්චසේ සුඛ සේ අත්ථ සේ ගැනීම * සුඛයක් බලාපොරොත්තු වීම * ඉච්ච - පටිච්ච - නිච්ච  * පින - පව - සහ ධ්‍යාන  නිච්ච කරගැනීම * පුඤ්ඤ - අපුඤ්ඤ - අනෙඤ අභිසංකාර * කාමාවචර - රූපාවචර - අරූපාවචර *  අකරණීය ධර්ම * රාගය, ද්වේශය මෝහය පැවැත්වීම * ප්‍රාණයාම භාවනා  - කසිනපිරියම් - නිමිත්තග්‍රාහී වීම  *පෘතග්ජන පුද්ගලයා -  බවගාමී පටිපදාව නිසා නොනවත්වා සසරට බැඳීම * ****බව නිරෝධ ගාමිණී පටිපදාව හෙවත් සමුදය නිරෝධ කිරීම *  සබ්බූපදි පජහති * නිරුජ්ජති - නප්පටිවිරුජ්ජති * නේතං මම - නේතොහමස්මිං- නමෙසො අත්තාති * අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං ලෙස දැකීම * යොධම්මො යො විනයො සො භාසිතබ්බෝ  - චර බව නවත්වා චරණං වීම * කරණීය  ධර්ම  * වීතරාගී, වීතද්වේශී, වීතමෝහී වීම * අරිය සාවකයා * නිවන් මඟට ඒකධම්මො වන ආනපාන සති සමාධි භාවනාව චතුරාරක්ඛා  සහිතව නිවැරැදිවත්, ප්‍රායෝගිකවත්, යුගනද්ධවත්, සතර ඉරියව්වේදීම  භාවිතා කිරීම තුලින් බව නිරෝධ ගාමිණී පටිපදාව අනුගමනය කොට නිවන් මඟ පූරණය කිරීම *පච්චුප්පන්නයෝ ධම්මො තත්ථ තත්ථ විපස්සති කළයුතු බව  >>>වීර්‍යාධික සාසනය  සද්ධාධික සාසන සහ ප්‍රඥ්ඥාධික බුද්ධ සාසනයක් අතර වෙනස කුමක්ද * උතුම් සද්ධර්මය යටපත් කිරීමට කටයුතු කිරීමත් හිරිවඩුන්න වසාදැමීමත් මේ රටේ ව්‍යසන වැඩි වීමට හේතුවක්ද * වර්තමානයේ භික්ෂූන් සංඝ ලෙස ඇමතීම ගැන සහ  භික්ඛු තත්වය ගැන පහදා දෙන්න * පටික්කුල  මනසිකාරයේ ඝණසංඥා දුව සංඥා ලෙස  නිවැරදිව  බෙදා වෙන්කර බැලීම පිලිබද පහදා දෙන්න *  පින් පැවරීම සහ පින් කැපකොට අනුමෝදන් කිරීම අතර වෙනසක් වේද * භව නිරෝධ කිරීමට නම් බවගාමී යන්න  හඳුනාගත යුතුයි නේද * උප්පජ්ජති යන්නෙහි සිදුවන්නේ සංභවං වීමද *  බුද්ධ සාසනය අනුව පැවතීම  යනු ණය විනය හඳුනා ධර්ම මාර්ගයේ යාමද * ගෙදර දොරේ ඉවත දමන ද්‍රව්‍ය පිලිස්සීම නිසා  හානියක් වන්නට ඉඩ ඇති නිසා එයින් මිදී කටයුතු කරන්නේ කෙසේද * ලෞකික සංමාදිට්ඨිය නිවනට උපකාර වේද * සතර අගතිය සහ සතර සෘදිපාද ගැන පහදා දෙන්න *  1931 විහාර දේවාලගම් පණත නිර්මල  බුදුසසුන වෙනුවෙන්ද - නිවනට එවන් පණත් ඕනෑද * කෝවිල් විහාර දේවාල පණතට අයත් වුයේ කුමක් නිසාද -  ත්‍රිපිටක සංරක්ෂණ පණත ගැන පැනයක් * පුබ්බේතකතපුඤ්ඤතා ශක්තිය දහම් මඟට උපකාර  වේද * පුබ්බේත කතපුඤ්ඤතා ශක්තියක් ඇතිකර ගන්නේ කෙසේද *  නිවසේ අනාගාමී අයෙක් සිටීනම්, ඔහු සහ නිවසේ සිටින අන්අය අතර  කෙබඳු පැවැත්මක් විය හැකිද * උත්තරීතර හුදෙකලාව යනු කුමක්ද * යෝපටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සතිවූ අරිය පුද්ගලයා උත්තරීතර හුදකලාව ගැන දැනගත් අයෙක් ද >>>

සජීව​ ධම්ම දේශණාව සහ ධම්ම සාකච්ඡාව - 08/08/2021

යෝහි කෝචි භික්ඛවේ ඉමෙචත්තාරෝ සතිපට්ඨානේ  ඒවංභාවෙයිය ~ සත්තවස්සානි තස්සද්වින්නංඵලානං..අඥ්ඥතරං ඵලං පාටිඞඛං දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා සතිවාඋපාදිසේස අනාගාමිතා...... ලෙසින් පටන් ගෙන, නිවැරැදිව භාවිතා කෙරේ නම් ඡවස්සානි...පඤ්ච වස්සානි...ආදී ලෙසින් කාලය අඩු වෙමින්  සත්ත මාසානි..ඡ මාසානි..පඤ්චමාසානි ....ආදී අඩු වෙමින් .....  සත්තාහං, ලෙසින් අවම දින හතකින් හෝ උපරිමයෙන් සත් වසරකින්  අරහත් බවට පත් විය හැකි මඟ විවරණය *  ආනපාන සති සමාධි භාවනාව චතුරාරක්ඛා සහිතව ඒකධම්මො භාවිතො බහුලීකතෝ කොට සතරසතිපට්ඨානේ,සත්තබොජ්ජංගේ  පරිපූරෙන්තු කොට නිවන් මඟ පූරණය කිරීම*  සද්දස්ස කුලපුත්තස්ස, සද්වස්සානි, සද්ධොහෝති වූ පුද්ගලයා * යෝධම්මො - යො විනයෝ- සො භාසිතබ්බො  කිරීම * ජීවමාන බුදු කෙනෙක් අද නොමැති බැවින් බුද්ධ ශක්තියට අනුගතවීමේ අවශ්‍යතාවය  *  ඒකධම්ම සූත්‍ර 20 ක් ගැන* බුද්ධ කාලයටත් පෙර පටන් තිබූ කසින භාවනා - සහ ආනපාන ප්‍රාණයාම භාවනා * ආනපානසති සමාධි භාවනා ලෙස රාහුලෝවාද සූත්‍රයේ පෙන්වූ ඒකධම්මො *  ආන - පාන • අස්ස - පස්ස  භාවිතා කිරීම - රාග,ද්වේශ ,මෝහ ආදී කෙලෙස් ධර්මයක් ඉවත් කරද්දී ඊට ප්‍රතිපක්ෂ  වීතරාගී, වීතද්වේශී , වීතමෝහී නිකෙලෙස් ධර්මයක් භාවිතා කරන ආකාරය * දැඩි නින්දේ හැර පැය විසිහතර පුරා චතුරාරක්ඛා  ආනපානසති සමාධිය ලෙසින් වැඩීම නිබ්බාණ  පූරණයට උපකාර වන ආකාරය  * අත්ථ - අනත්ථ  නිවැරැදිව වටහා ගැනීමේ අත්‍යාවශ්‍යතාවය * කායෙකාය යුගල හයක් ලෙස*  තින්නංසංගති ඵස්සෝ සම්පස්සජා වේදනා* කායේ කාය නිසා අලුතින් උපදින අනුසය, අනුපස්සී විහරති * ආතාපිසම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං * සංපජානකාරී හොති වීම * නිච්ච සුඛ අත්ථ මරා දැමීම පිණිස අනිච්ච දුක්ඛ අනත්ථ භාවිතා කිරීම - මරණ අනුස්සතිය භාවිතාව * පින,පව හෝ ධ්‍යාන නිච්චසේ උපාදානය කිරීම අත හැරියයුතු බව * නිබ්බිදානුපස්සී විහරති - සමුදයං පජහති විරාගානුපස්සී -රාගං පජහති ආදී ලෙසින් සබ්බූපදි පජහති දක්වා කෙලෙස්  ප්‍රහාණය *   පෘථග්ජන පුද්ගලයා උපාදානය කරගන්නා ආකාරය සහ සුතවත් අරියසාවකයා සතර කමටහන් වඩමින් සතර ඉරියව්වේදීම උපාදානයෙන් මිදීමට කටයුතු කොට කෙලෙස් මුල් උදුරා දමා නිබ්බාන මඟ පූර්ණය කර ගැනීමට සුදුස්සෙක් වීම  >>> හිරිවඩුන්න ජයසිරි මහ බෝධිය පිළිබඳව කාබනික පරීක්ෂාවක් කොට තහවුරු කිරීමට නොහැකිද * වර්තමානය වන විට බොහෝ අරිය දරුවන් උපත ලබා තිබේද * අවම වශයෙන් දින හතක් සතර සතිපට්ඨානය වැඩීමේදී අරහත්වයට පත් විය හැකි බව අසා තිබුණත් බුද්ධ කාලයේදීත් අරහත් බවට පත්වීමට දින හතක් ගත වුණාද * අරියමගට නොපිවිසි භික්ෂුවකට සිව්පසයෙන් උදව් කිරීම නිසා  සැබෑ බුදු දහම යටපත් කිරීමට වක්‍රාකාරයෙන් උදව් කිරීමක් වේද * දිට්ඨධම්ම සුඛවිහරණය යනු කුමක්ද *තණ්හානං ඛය මජ්ජගාති  කිරීමට සතර සතිපට්ඨානය සහ ආනාපාන සති සමාධිය භාවිතා කළ යුතු නේද *රාහුල තෙරුන් වහන්සේ පිරිනිවන් පෑවේ දිව්‍ය තලයක දී බව  සත්‍යයක්ද * පිට දේශයක සිටියදී  පරතොඝොෂික ප්‍රත්‍යය නොලබා සංනිවේදන තුලින් සිරිසද්ධර්මය අසා  සතරකමටහන් වඩා සතිපට්ඨානය  පූර්ණය කරගෙන ඇතිනම්, ඒ අය ජාතසෝතාපන්නද *  පතිරූප සහ ප්‍රතිරූප අතර වෙනස කුමක්ද *  කෙනෙක් තුළ යමක් නිච්ච වන්නේ ඡන්දය මූලික නිසා නිසාම නේද * කෝමා තත්වයක දී මියයන පුද්ගලයෙකුගේ ඊළඟ උපත කෙසේ විය හැකිද * අංගුලිමාල 999 දෙනෙක් මරා පසුව අරහත් බවට පත්වූපසු එහිමිගේ ප්‍රාණඝාත කර්මය අහෝසි වූවාද * අරිය මඟ යන අයෙකුට කෝවිඩ් එන්නත අවශ්‍යද * කායේ කායානුපස්සනාව භාවිතයේ පදම්වූ පුද්ගලයා තුළ සතර කමටහන් නිතැතින්ම පිහිටනවාද * පින් ලබාගැනීමට හැකි වන්නේ පරදත්තූප ජීවීන්ට පමණද,එම ජීවීන් කවුද * දේව කොටස් අතරින් පින් ලබා ගැනීමට හැක්කේ කිනම් පිරිසටද-  සම්මා දිට්ඨික දෙවිවරුන්ට පින් ගැනීමට හැකිද * අපි අකමැති පුද්ගලයින් සමග පවා වැඩ කිරීමට සිදු වනවිට  එතනින් ඉවත් වීම සුදුසුද?නැතිනම්  එතැනම සිට  විඳින්නට නියමිතව ඇති දෙයක් වේ නම් එය ගෙවා ඉවර කිරීම සුදුසුද *  නිල්ලක්කම බෝධිඝරය බුදු සසුනට සම්බන්ධ වන්නේ කෙසේද * අංජලි කරණීයං යන්න පහදා දෙන්න * අසුභානුස්සතිය ප්‍රායෝගිකව වඩන්නේ කෙසේද *  පින කුසලයක් බවට පත් කර ගන්නේ කෙසේද * බුද්ධ පූජාව පූජා කිරීමේදී අග්‍ර කොටස මුලින්ම අයින්කර තබා  පසුව  පූජා කිරීම වරදක්ද >>>

සීල සුත‍්තං(II) - සජීව​ ධම්ම දේශණාව සහ ධම්ම සාකච්ඡාව - 07/08/2021

පරමාර්ථයෙන්ම සිල්වතෙක් වීමට නම් පංචස්කන්ධ උපාදානයෙන් මිදී නිදහස් වියයුතු බව * උපාදානෝ සහ  උපාදානීය ධම්මො * එකොළොස් ආකාර වූ රූප  * පැවැත්ම සඳහා ආහාර * චන්දරාගෝ, තණ්හා, උපාදානෝ, සමුදයෝ, අනුසයො *  සංචේතනා -  සංඵස්ස - සංකාර - සමුදය නිසා අනුසය බිහිකරගැනීම  * යෝ තත්ථ චන්දරාගෝ උපාදානෝ * නිවන වසන පින්කම්, සහ පාපකම්ම  උපාදානය *අභිඥ්ඥා සහ ධ්‍යාන උපාදානය * බුද්ධ දේශනාවේ පෙන්වන උපසංපජ්ජ විහරති වීම සහ සංමත උපසංපදා *  මරණානුස්සතිය භාවිතයෙන් පංචස්කන්ධය පිළිබඳව ඇති  නිච්ච,සුඛ,අත්ථ මරාදැමිය යුතුබව  * අනිච්චතො දුක්ඛතො අනත්තතෝ යථාභූතං පජානාති වීම * ඡන්ද රාග විනයෙහි පිහිටා ඡන්ද රාග ප්‍රහාණය කිරීම - උපාදානය නමැති උගුලෙන් මිදීම * පංචස්කන්ධය පිළිබඳව  උපාදානයෙන් තොරව අනිච්චතො, දුක්ඛතො, රොගතො, ගණ්ඩතො, සල්ලතො, අඝතො, පරතො,පලොකතො,සුඤ්ඤතො, අනත්තතො, ලෙසින් යොනිසො මනසිකාතබ්බා කිරීම * රූපූපාදානක්ඣා සිට විඤ්ඤාණූපාදානක්ඣා දක්වා  පංචූපාදානක්ඣය වෙනවෙනම,  පෙර සේ අනිච්චතො,දුක්ඛතො ආදී කොට ... ...අනත්ථතො දක්වා යොනිසොමනසිකාතබ්බා කිරීමෙන් සෝතාපත්තිඵලං සච්ඡිකරෙයියාති ලෙස පූරණය වීම  සහ ඉතිරි මඟඵල පූරණය සඳහා ද  නැවතත් එම මාර්ග පටිපදාවම අනුගමනය කළයුතු බව * අරහන්ත ඵලං සච්ඡිකරෙයියාති  කරගැනීම  * නැවත ආසව නූපදින සේ   අනුපාදාය ආසවෙහි විමුක්තං චිත්තං සඳහා සතරකමටහන්ම  නිවැරැදිවත් ප්‍රායෝගිකවත් යුගනද්ධවත්  වැඩීම කළයුතු බව * ඡන්දරාග විනයෙහි පිහිටා කටයුතු කරන ආකාරය කෙටියෙන් පහදා දෙන්න *  ඡබ්බිසෝදන සූත්‍රයේ සහ  සීලසූත්‍රයේ  පෙන්වන මාර්ග දෙක එකම තැනකට එනවාද * පංචස්කන්ධය තුල කායේ කායක් ක්‍රියාත්මක වන්නේ නැතිද - ක්‍රියාත්මක වුවත් එය මම කොට මගේ කොට උපාදානය කරගන්නේ නැතිද * අනාගාමී මාර්ගඵල ලාභියෙකුගේ කායේකාය ක්‍රියාත්මක වන්නේ කෙසේද * සංයෝජන සහ සංයෝජනීය  ධර්ම පිලිබද වෙනස පහදන්න * ලෝකය සහ තුන් ලෝකය ලෙස  බුදු දහමේ සඳහන් වන්නේ  මේ පෘථිවිය ගැනද * ගති පුරුද්දට සංචේතනා  පටන් ගනිද්දීම  එවෙලේම සතරකමටහන් කොට සංඵස්ස සංකාර වලින් මිදුනද  මුල්ම පටන් ගැන්මේ සිට ඉන් මිදෙන අවස්ථාව දක්වා සුළු වෙලාවේදී  වුවද  සිත අපිරිසිදු වේද * අන්තරා පරිනිබ්බායි අවස්ථාව යනු සෝතාපත්ති මාර්ගයේ සිට අරහත් බව දක්වා ගමන් කිරීමද * බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමට පෙර හිරිවඩුන්න බෝධිය ළඟදී කරනු ලැබුවේ බුද්ධ ආනාපානසති භාවනාවද - නැත්නම් සම්මතයේ  භාවනාවද * අටවිසි බුදුවරුන් ගැන සහ මෛත්‍රී බුදුන්  ගැන සඳහන් වුවත් ඒ හැර තවත්  බෝධිසත්වයන්  බුද්ධත්වයට පත් වියහැකිද * ස්ත්‍රීන් යනු  ස්වාමිපුරුෂයාගේ අණට යටත්වී ජීවිත කාලයම ගෙවිය යුතු බවට බුද්ධ දේශනාවේ තිබේද *රාග ද්වේෂ මෝහ ගති  බිහි වෙද්දීම ඛය කළ යුතුයි නේද * ඔබවහන්සේ ලියූ ධර්ම ග්‍රන්ථය කියවා ධර්මාවබෝධය ලබා ගැනීමෙන් පසු තවදුරටත් පරතෝඝෝෂක ප්‍රත්‍යය ලැබිය යුතුද -  එයින් බුද්ධශක්තියට අනුගතවීමට හැකිද * රෝගීවූ සිය මව එහා මෙහා කරමින්  පිරිසිදු කරද්දී  මියගියහොත් ආනන්තරීය පාපයක් සිදු වේද - අචේතනිකව වන මෙවැනි අවස්ථා ධර්මානුකූලව වළක්වා ගන්නේ කෙසේද * සංඛාරයක් සිදුනොවන ආකාරයට හෙට හෝ අනාගතයේ කළයුතු දෙයක් සැලසුම් කරන්නේ කෙසේද * රතන සූත්‍රයේ ගාථා අරුත් ගැන පැනයක්  * සතං සමාගමෝ හෝතු  යන්නෙහි අරුත පහදා දෙන්න  *  එකොලොස් ආකාරයක පංචස්කන්ධ උපාදානය පහදා දෙන්න *  පදපරම පුද්ගලයකුට වර්තමාන මොහොතේ පුබ්බේත කත පුඤ්ඤතා ශක්තියක් ඇති කර ගත හැකි  ආකාරය පහදා දෙන්න >>>

සීල සුත‍්තං - සජීව​ ධම්ම දේශණාව සහ ධම්ම සාකච්ඡාව - 25/07/2021

## සීල සූත්‍රය ## රූප,වේදනා,සංඥා,සංකාර,විඥ්ඥාණ යන පංචස්කන්ධය උපාදානයෙන් තොරව ඒ පිළිබඳ   අනිච්චතො,දුක්ඛතො,රොගතො, ගණ්ඩතො,සල්ලතො,අඝතො,පරතො,පලොකතො,සුඤ්ඤතො, අනත්තතො, ලෙසින් යොනිසො මනසිකාතබ්බා කිරීම සහ ඒ තුල මරණානුස්සතිය භාවිතයෙන් නිච්ච,සුඛ,අත්ථ මරාදැමිය යුතුබව * රූපූපාදානක්ඣා සිට විඤ්ඤාණූපාදානක්ඣා ලෙසින් පංචූපාදානක්ඣය වෙනවෙනම,  පෙර සේ අනිච්චතො....ආදීකොට  ...අනත්ථතො දක්වා යොනිසොමනසිකාතබ්බා කිරීමෙන් සෝතාපත්තිඵලං සච්ඡිකරෙයියාති ලෙසින් පූරණය වන ආකාරය * සෝතාපත්තියට පත්වූ අයෙක් සකෘදාගාමී ඵලයට පත්වීම පිණිස අනුගමනය කළයුත්තේ ද, නැවත එම මාර්ගයම බව * සකෘදාගාමී ගාමී ඵලයට පත්වූ අයෙක් අනාගාමී ඵලයට පත්වීම පිණිසද අනුගමනය කළ යුත්තේ නැවතත් එම මාර්ග පටිපදාවම බව *  අනාගාමී ඵලයට පත්වූ පුද්ගලයා අරහත් ඵලයට පත්වීම පිණිසද  අනුගමනය කළයුත්තේ නැවතත් එම මාර්ග පටිපදාවම බව සහ අරහන්ත ඵලං සච්ඡිකරෙයියාති  කරගැනීම *අරහන්තඵල බවට පත්වූ උත්තමයා ඉමෙ ධම්මා භාවිතාබහුලීකතා දිට්ඨධම්මසුඛවිහාරාය චෙව සංවත්තංති  සතිසංපජඥ්ඥායචාති ලෙසින්   නිබ්බාණ සුවයඅත්දැක අත්විඳගන්නා ආකාරය  පිළිබඳ විග්‍රහය පෙන්වා දීම * නැවත ආසව නූපදින සේ    අනුපාදාය ආසවෙහි විමුක්තං චිත්තං සඳහා සතරකමටහන්ම  නිවැරැදිවත් ප්‍රායෝගිකවත් යුගනද්ධවත්  වැඩීම කළයුතු බව  >>> නිවැරදි දහම අනුගමනය කරමින් පටිපදාවේ යෙදීමට ගිහි ජීවිතය බාධාවක්ද *  නාමරූප සහ පංචස්කන්ධය අතර වෙනස කුමක්ද * තමා ප්‍රඥ්ඥානුසාරී - සද්ධානුසාරී - වීර්‍යානුසාරී පුද්ගලයෙක් දැයි අරියසාවකයෙකුට වටහා ගත හැකිද * පංචස්කන්ධය අජ්ජත්තික සහ බහිද්ධ වශයෙන් පහදා දෙන්න * ධාතු භූත ගති චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වෙනවාද - ගති නැවතත් ධාතු ලෙස ලෝකයක් සාදනවාද * අජ්ජත්තික ආයතන බාහිර ආයතන වලට  සම්බන්ධ වන්නේ කෙසේද - ආයතන සහ ඡධාතු අතරසම්බන්ධය කුමක්ද   *  චත්තාරිමානි ඨානානි ඇසුරින් බුද්ධ ශක්තියට අනුගත වීම පිළිබඳව  පහදා දෙන්න * අග්ගික්කන්දෝපම  සූත්‍රය දේශනා කලේ කුමක් අරභයාද  * දැනුම නිසා ඇතිවන උපාදානයෙන් මිදෙන්නේ කෙසේද *රෝගතෝ,ගණ්ඩතෝ, සල්ලතෝ,ආබාධතෝ ආදී කරුණු ගැන පහදාදෙන්න * ආපෝ,තේජෝ,වායෝ, පඨවි යන කසින නිමිති හරහා ආසවක්ඛය  කළ හැකිද -  තේජෝ කසින හරහා පටාචාරා තෙරණිය මඟඵල ලැබුවාද * මඟඵල ලාභී උතුමන් දෙනමකගේ ධර්මය  දෙආකාරයක් විය හැකිද , *  සෝතාපන්න මගෙහි හෝ ඵලය ලැබූ පුද්ගයෙක් යම් හේතුවක් නිසා අන්ධ බවට පත්විය හැකිද * සෝතාපන්නවූ අයෙක් නොවැරදීම මස් මාංශ වලින් වැලකී සිටීද * පඨවි,ආපෝ, තේජෝ, වායෝ,සහ පංචස්කන්ධඋපාදානය අතර වෙනසක් වේද * පෘතග්ජනයෙක්  උපාදානයෙන් ප්‍රිය අප්‍රිය ලෙස කරනදේ  අරහතුන් වහන්සේට ක්‍රියා සිතකින් කළ හැකිද * නැවැත්මට වීරිය කරන අයෙක්  තමන්ගේ කටයුතු පමණක් කරමින් සසරින් මිදීමට කටයුතු කිරීම සුදුසුද * ගිහිව සිටියදීම අනාගාමී බවට පත්ව ඇති කෙනෙකු  අනුසය බිහි නොකරන නිසා දින හතක් පසු වුවද අරහත් නොවීම  මරණයට පත් වී  අනාගාමී ගන්ධබ්බ තත්ත්වයට පත්වූයේ නම් ඊට හේතුව සහ එසේ දින හතක් අනුසය නූපදවා සිටින අයෙක් අරහත් බවට පත් නොවීමට හේතුව පහදා දෙන්න  * තේසං හේතු සහ සංඝ යන පද පිළිබඳව පහදා දෙන්න * චතුසුවහාරෙසු ආකාරයෙන් දැකීම සහ ආයතන සෝ උපපරික්ඛති ආකාර දෙක ගැන පහදා දෙන්න * අව්‍යාකත සිත- සංඛාර සිත - ක්‍රියාසිත  යන සිත් තුන ගැනත්  ඒ සිත් තුනෙහි පංචස්කන්ධය  සහ නාමරූප ක්‍රියාත්මක වන ආකාරයත් පහදා දෙන්න * වෙලඳපොලේ ඇති කෘතිමව නිපදවූ  බිත්තර හෝ හදිසි අනතුරකින් මිය ගිය සතෙකුගේ මස් ධාතු මනසිකාරයෙන් යුතුව භුක්ති විඳීම ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය රැකීමක් නොවේද * යෝගාවචරයෙකු නිවසේදීම ,"සයනෝවා"  ඉරියව්වේ සිටිමින් නවසීවතික සහ පටික්කූල පබ්බ මනසිකාර කරමින් සිටියදී ,  පවුලේ අය අතින් යම් වරදක් වුණොත් ඒ අයට අකුසලයක් වේද/ ඒ අය ඒ අකුසලය කමා කර ගන්නේ කෙසේද *  නිබ්බාණ මාර්ගයේ  යන්නෙකුට යම්කිසි හේතුවක් නිසා කාගෙන් හෝ යම් පීඩාවක් වේනම් ඒ අයටත් පරම මෙත් සිතින් කළොත්, ඒ මෛත්‍රි සිත නිසා ඒ අයටත් යහපතක් වේද *  යම් අමනුෂ්‍ය සත්වයින් හට මිනිස්  සිරුරු වලට ඇතුළු වී යම් යම්කිසි බලපෑම්  කිරීමට හැකිද >>>

ඡබ්බිසෝධන සුත‍්තං(II) - සජීව​ ධම්ම දේශණාව සහ ධම්ම සාකච්ඡාව - 24/07/202

අරහත් ඵලයට පත්වීම පිණිස  යම් පුද්ගලයෙක් විසින් අනුගමනය කළ යුතු මඟ ගැන කිහිප ආකාරයකින් පෙන්වා දෙන ඡබ්බිසෝදන සූත්‍රය * ඛීණා ජාතිවුසිතං බ්‍රහ්මචරියං ,,,,,,,,ආදි ලෙස අරහත් වීම පිළිබඳව  යම් පුද්ගලයෙක් ප්‍රකාශ කළවිට ,එකවරම ප්‍රතික්ෂේප කිරීම හෝ,පිළිගැනීම හෝ නොකළයුතු බව  සහ ඔහු අනුගමනය කළ ක්‍රමය සහ ලැබූ අත්දැකීම් පිළිබඳ විමසා බැලීමෙන් අරහත් බව පිලිබඳව දැනගත හැකි බව >> # උග්ගටිතඥ්ඥ පුද්ගලයා:- චතුසු වොහාරෙසු අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්තංති ලෙසින් -:- * දිට්ඨ•සුත • මුත •විඥ්ඥත  යථාභූත ඥාණයෙන් දැක, ඛීණා ජාතිවුසිතං බ්‍රහ්මචරියං කථංකරණීයං ඉතත්ථායාති පජානාති ලෙසින් අරහත් බවට පත්වන අවස්ථාව . * පඤ්චසූපාදානක්ඛන්ධෙසු අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්තංති,,,ලෙසින් පංච උපාදානස්කන්ධයෙන් මිදී සමුදය නිරෝධ කිරීමෙන්, ඛීණා ජාතිවුසිතං බ්‍රහ්මචරියං කථංකරණීයං ඉතත්ථායාති පජානාති වූ අරහත් බවට පත්වන අවස්ථාව # විප්පටිතඥ්ඥ :- * ඉමාසු ඡසු ධාතුසු අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්තංති ලෙසින්  ඡධාතුවිභංගය යථාභූතඥාණයෙන්ම  දැන දැක මිදී නිදහස් වීමෙන් ඛීණා ජාතිවුසිතං බ්‍රහ්මචරියං කථංකරණීයං ඉතත්ථායාති පජානාති ලෙසින් අරහත් බවට පත්වන අවස්ථාව * ඉමෙසු ඡසු අජ්ජත්තිකබාහිරෙසු ආයතනෙසු අනුපාදාය ආසවෙහි චිත්තංවිමුත්තංති ලෙසින් ඇස,කණ,නාසය දිව,ශරීරය,මන යන බාහිර ආයතන හයට අරමුණු වන බාහිර අරමුණු හයක් ගැන යථාභූත ඥාණයෙන් දැක ඊට චන්දරාගයෙන් නොබැඳී මිදී නිදහස් වීමෙන් ඛීණා ජාතිවුසිතං බ්‍රහ්මචරියං කථංකරණීයං ඉතත්ථායාති පජානාති වූ අරහත් බවට පත්වන අවස්ථාව . # ඥෙයිය:- බුදුපියාණන් ගේ හෝ බුද්ධසාවක යෙකුගෙන් ධර්මය අසා, අනගාරිකං, පබ්බජ්ජෙයියන්ති වී, පටිවිරතෝහෝති සීලය සහිත සතර සංවර සීලයෙහි පිහිටා කටයුතු කිරීමෙන්ද,  සංපජානකාරී හෝති වී ආනපාන සති සමාධිය භාවිතාවෙන් සතරසතිපට්ඨානය පූරණය  කරගැනීමෙන්ද, ආසවනිරොධගාමිනී පටිපදාති යථාභූතං අබ්බඤ්ඤාසිං ලෙසින් චතුඅරිය සච්ච දැනදැක සමුදය නිරෝධ කිරීමෙන් ද, සො ඉමෙ පංඤ්ච නීවරණෙසු පහාය චෙතසො උපකිලෙසපඥ්ඥාය දුබ්බලීකරණෙ විවිච්චෙන කාමෙහි, විවිච්චෙන අකුසලෙහි ,ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජංපීතිසුඛංපඨමං ඣානං සිට .... චතුත්ථං ඣානං  උපසංපජ්ජ විහාසිං ලෙසින් පූරණය කිරීමෙන්ද,  ජානතො ඒවං පස්සතො ඉමස්මිඤ්ච සවිඥ්ඥාණකෙ කායෙබහිද්ධාවා සබ්බනිමිත්තෙසු අහංකාර,මමංකාර මානානුසයා සමූහතාති ලෙසින්ද, නිබ්බාණ මඟ පූරණය කිරීමෙන්,ඛීණා ජාතිවුසිතං බ්‍රහ්මචරියං කථංකරණීයං ඉතත්ථායාති පජානාති වූ අරහත් බවට පත්වන අවස්ථාව >>>> පංචස්කන්ධය සහ ස්කන්ධය යනු පහදා දෙන්න *  ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ආදියෙහි  "පි" යන්නෙහි අරුත සමඟ පහදා දෙන්න *  ඡන්ද රාග විනයෙහි පිහිටීම සහ ඡන්ද රාග ප්‍රහාණය කිරීම  යනු කුමක්ද* ප්‍රඥානු සාරි සහ වීර්‍යානුසාරී  පුද්ගලයෙකුට දින හතක් නොසිට මගඵල ලැබිය හැකිද  එවන් අයට සතර කමටහන් වැඩීමක් අවශ්‍ය නැද්ද *  ප්‍රඥානුසාරී පුද්ගලයෙක් අරිහත් බවට පත් නොවී අනාගාමී මඟ ඵලයෙහිම යම් කාලයක් ගත කරනවද *  බුද්ධ ශක්තියට අනුගතවූ ප්‍රඥානුසාරි පුද්ගලයකුට අරිහතුන් වහන්සේ නමකගෙන් බණ අසා පමණක් මග ඵලයකට පත් විය හැකිද * දෙව් සහ බ්‍රහ්ම තලවල උපදින අයට දුක හට ගන්නේ හා ඒ දුක දැක ගන්නේ කෙසේද * අමනුස්සයන් හීනෙන් පෙනීම සහ එකවර ලෙඩවීම අතර යම් සම්බන්ධයක් තිබේද * මාන, උද්ධච්ච,අවිජ්ජා යන සංයෝජන ප්‍රහානය කරන්නේ කෙසේද * ලොව්තුරා බුදුපියාණන් වහන්සේ  බුද්ධත්වයට පත්වූ බව ජනතාවට දැනගන්නට ලැබුණේ කෙසේ ද - උන්වහන්සේ ඒ බව පැවසුවා ද *   ආනපානසති සමාධිය සතර කමටහන් සහිතව භාවිතා කිරීම  නිබ්බාන මාර්ග පටිපදාවේ ප්‍රධානම අංගයක් ලෙස ඔබ වහන්සේ පෙන්වා දුන්නත්, පෝය දවසට අටසිල් සමාදන් වීම වැනි දෙයක් අද පවතින්නේ ඇයි  * බුද්ධ කාලයේ සාතී නම් භික්ෂුවකගේ ක්‍රියාව සහ  වර්තමානයේ එවන් සමහර භික්ෂූ වේශධාරීන් විසින් බුද්ධ ධර්මයසේ පෙන්වමින් ඊට කිට්ටු වචන වලින් අධර්මය ප්‍රචාරය කරමින් දහම ඉක්මවා කටයුතු කිරීම ගැන පැනයක් * මනෝපුබ්බංගමාධම්මා මනෝසෙට්ඨා මනෝමයා ගාථාවේ අරුත පහදා දෙන්න * තමාට අවශ්‍ය යම් කිසි දෙයක් මිලදී ගැනීමේදී එය කැමැත්තෙන් ලබා ගත යුතු නිසා රාගයක් උපදීද >>

ඇසළ​ පොහොය​ 2021 - සජීව​ ධම්ම දේශණාව සහ ධම්ම සාකච්ඡාව

සමුදය බිහිවීම සහ සමුදය නිරෝධ ගාමිණී පටිපදාව පෙන්වා දුන් එකම දහම වූ බුද්ධ දේශනාව * ද්වාදසාකාරං වූ තිපරිවට්ටයක්  සහිතව දේශනා කළ චතු අරිය සච්ච * යෝ සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යො ධම්මං පස්සති සො මං පස්සති  * තේසං හේතුං - තේසං චයෝ නිරෝධෝ * පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය  *  යංකිංචිසමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං * සමුදය බිහිවන්නේ කොහිද* ඊට හේතු මොනවාද * සංකාර -  අභිසංකාර *   තයොමෙ සංකාරා :- •පුඥ්ඥාභිසංකාර - පින  • අපුඤ්ඤාභිසංකාර - පව • අනෙඤාභිසංකාර - ධ්‍යාන *  සබ්බෙසංකාරා  * අභිනිවේසානුසය  *  මතුබුදු සසුනට නිවන කල්දමන ප්‍රාර්ථනා * අරිය ධ්‍යාන සහ අනරිය ධ්‍යාන *අරිය ධ්‍යාන වුවත් උපාදානය කර ගැනීමෙන් නිවන් මඟ වැසීයාම * වෛතුල්‍යවාදී අදහස් සහිත බුද්ධාගම විසින් බුදු දහම වසා දැමීම නිසා සමුදය  නිරෝධගාමී පිලිවෙත යටපත් වී  බවගාමී  පිලිවෙත මතුවීම *   එත්තේසං උප්පජ්ජමානා උප්පජ්ජති එත්තේසං පහීයමානා පහීයති එත්තේසං නිරුජ්ජමානා නිරුජ්ජති කළයුතු වර්තමාන මොහොත *  මද -  පමද -  අප්පමද *   මරණානුස්සතිය සහ මරණ සතිය * අනුස්සති - අනුපස්සනා විපස්සනා  *   චතුරාරක්ඛා ආනපාන සති සමාධිය ලෙසින් නිවැරැදිවත් ප්‍රායෝගිකවත් යුගනද්ධවත් භාවිතො බහුලීකතෝ කළයුතු බව  සහ ඒ අනුව සමුදය නිරෝධ කළහැකි බව *** බුදු බණ ඇසුවද  පුරුද්දක් ලෙස දිගටම දේව ඇදහිලි කරගෙන යන අයට මඟඵල ලැබේද * ඉදිරි "ජාති"  සැකසීම නවතා බව නිරෝධ කිරීමට වයස්ගත වූ අපට හැකිද * මේ අවදියේ පාසැල්වල ඉගැන්වීම නවතා ඇති බැවින් සේවය නොකොට වැටුප් ගැනීමෙන් ණයගණුදෙනුවකට පැටලේද *  දින හතකින් වැය වී යන කර්ම සහ සසර පුරා විපාක දෙන කර්ම ලෙස කොටස් දෙකක් වේද * සෝතාපත්තියට පත්වීමේදී විචිකිච්ඡාව ප්‍රහාණය වේ නම්  ඒ අනුව පංච නීවරණ  බිහි වන්නේ නැද්ද - ඒ පුද්ගලයා තුළ තවදුරටත් රාග ද්වේශ මෝහ බව පවතිනවාද * උදෑසන  බොහෝදෙනෙක් නිශ්ශබ්දතාවයෙන් පාඩම් වලහෝ වෙනත් කටයුත්තක යෙදෙන   අවස්ථාවේ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ඝෝෂා සහිතව පිරිත් ප්‍රචාරය කිරීම  බුදු දහමට එකඟ ද * අනාගාමී පුද්ගලයෙක් තුළ තවමත් රූපරාග අරූපරාග ඇත,මනෝමය  කායට ධම්මරූප එන විට  රූපරාග අරූපරාග ක්‍රියාත්මක වේද - එසේ වුවොත්  අනුසය ඇතිවී කර්මබීජ සකස්වේද * පිටකෝපදේශයේ ඇති ආකාරයට  යෝනිසෝමනසිකාරය යනු ධර්ම  දේශනාවක් සවන් දෙද්දී වෙනත් අරමුණු කෙරෙහි  සිත නොයවා එම දෙසුම පැහැදිලිව අවබෝධ කරගැනීමතුලින්  පරතෝඝෝෂක ප්‍රත්‍යය ලබාගැනීම ලෙස  සඳහන්ය. නමුත් ඒ ගැන  විවිධාකාර විග්‍රහයන්ද  අසන්නට ලැබේ. ඒ ගැන තව දුරටත් පැහැදිලි කර දෙන්න * දරු ගැබකට මාස පහක් පමණ වෙද්දී විඥානයක් ඇතුල් වීමට හැකිද *මාගධී භාෂාව එදා විද්‍යාර්ථීන් අතර භාවිතා වූ භාෂාවක් නම් ඊට අක්ෂර හෝඩියක් නොතිබුණේ ඇයි * පින් ලබා ගත නොහැකි මියගිය ඥාතීන් වෙනුවෙන් යමක් කිරීමට අප හට හැකිද * සෝතාපන්න වූ කෙනෙක් අපාගත නොවුනත් නියත විවරණ ලැබූ බෝධිසත්ව කෙනෙක්  අපාගත නොවන්නේ ඇයි *  ජාති භූත වෙනවාද නැතිනම්, භූත ජාති වෙනවද  පහදා දෙන්න *  සුඛා පටිපදාවෙන් පාරමිතා පූරණය කළ අයත්, තිප්පා පටිපදා සහ ධඥ්ඥා පටිපදාවෙන්  එසේ පාරමිතා නොපිරූ අයත් නිවන් දකිනවාද *  යටපත් වී තිබී නැවත මතුකළ  මේ සිරිසද්ධර්මය ආරක්ෂා කර දෙන මෙන්  බාහිර පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටීම අනවශ්‍යයි නේද -මේ ධර්මය ධර්මතාවයෙන්ම ආරක්ෂා වෙනවා නේද * අන්තරායී පරිනිබ්බාණය යනු පහදා දෙන්න * යමෙක් සතුටු කිරීම පිණිස යමක් ලබා දී තමනුත් සතුටු  වේ නම් එය පුණ්‍යාභිසංඛාරයක් වේද  * ධම්මහද විභංගයේ ද්වාදසාකාර ආයතන අතරින් ආයතන හයක් ගැන පමණක් කතා කරන්නේ ඇයි >>>

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56 57 58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256