අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

කුරුනෑගල සිරිසද්ධම්ම දේශනාව (2022.07.16)

04. බුද්ධ භාවනා - මීරිගම (2022-06-20 am)

03. බුද්ධ භාවනා - මීරිගම (2022-06-19 pm)

02. බුද්ධ භාවනා - මීරිගම (2022-06-19 am)

01. බුද්ධ භාවනා - මීරිගම (2022-06-18 pm)

ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව (2022-07-09)

ඇසළ පොහොය 2022 | ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව

කණ්හ ධර්ම - සුක්ඛ ධර්ම එහි විපාක * දුක්ඛෙ - දුක්ඛ සමුදයේ - දුක්ඛ නිරෝධේ- දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදායේ අඥ්ඥාණං බව * අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම - කාමලෝක - දෙව්- බ්‍රහ්ම තල බලාපොරොත්තු වෙන් කරන පිංකම් - පුණ්‍යාභිසංකාර * නප්පජානාති නිසා කරන සංකාර * වචී - කාය - මනෝ සංකාර සහ තයොමෙ අභිසංකාරා * උපාදානයෙන්, තණ්හාවෙන්, චන්දරාගයෙන් මිදී නිදහස් වියයුතු බව * චක්කුලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති - නිවේසමානා නිවීසති - අභිනන්දති අභිවඩති - අජ්ජෝසායඨිත්ටති නිසා රාග අනුසය * අප්පිය රූපං - අසාත රූපං * ශෝචති කිලමති පරිදේවති උරත්තාලිංකන්දති සංමෝහංආපජ්ජති නිසා පටිඝ අනුසය * මමත්වයෙන් මමායනයෙන් ගැනීම නිසා අවිජ්ජාඅනුසය බිහි වීම * බිහිවූ අනුසය, ආසය - ගතියක් ලෙස මනෝමය කාය තුල තැන්පත් කර ගැනීම සහ දුක් පැවැත්මට හේතුවන සේ මුල් බැසගැනීම * පංචස්කන්ධය ගැන පජානාති වූ සහ පංචස්කන්ධයේ චතු අරිය සච්ච පිළිබඳ පජානාති වූ කේවලිනෝ පුද්ගලයා යෝ ධම්මං පස්සති සො මං පස්සති අයෙකි * * කුමන සීලයක් සමාදන් වූවත් පංචස්කන්ධය පිළිබඳ සමුදය නිරෝධ කිරීමට නොදන්නා ආමිස සුවය වටිනවා සේ ගන්නා නප්පජානාති වූ අස්සුතවත් පෘතග්ජන පුද්ගලයා සමුදය නිරෝධ කිරීමට නොදන්නා නිසා ආයතන හයට එන අරමුණු වලට තණ්හා වීම * ගතියක් සකසා ගැනීම * දීඝංවා හෝ රස්සංවා ලෙස නොනවත්වා මතුවන ආසය * වර්තමානයේ එන අනුසය පච්චුපන්නංච යො ධම්මො තත්ථ තත්ථ විපස්සති ලෙස ඒ ඒ මොහොතේ ම අස්ස පස්ස කලයුතු බව * දිට්ඨ සුත,මුත විඥ්ඥත ලෙසින් සිව් ආකාරයකට සලායතන බෙදා පෙන්වීම * අජ්ජත්තික පිරිසිදු බව පිණිස , සතර ඉරියව්වේදීම ප්‍රායෝගික වත් යුගනද්ධවත් ඒකධම්මො ලෙසින් භාවිතො බහුලීකතෝ කළයුතුවන්නේ සතරකමටහන් සහිතව නිවැරැදිව ආනපාන සති සමාධි භාවනාවම බව >>>සමහර අවස්ථාවල සමුදය බිහිවෙන බව පෙනුනත් ඒ අවස්ථාවේම නිරෝධ කිරීමට නොහැකි වන්නේ ඇයි* අනරිය ධ්‍යානයක් ලැබූ අයෙක් සිරිසද්ධර්මය ශ්‍රවණය කළොත් අරිය මඟට පත් වේද * සමහර අය පෙර පිනක් අනුව සද්ධර්මය අසා මාර්ගයට පිවිසුනත් පසුව ධර්ම විරෝධී මඟකට යන්නේ ඇයි * බුද්ධ දේශනාව අනුව නිවන් මඟ පූරණය පිණිස අවමය දින 7 ක් සහ උපරිමය වසර හතක් පෙන්වා ඇති මුත් වසර හතක් උත්සාහ කොට අරහත් වීමට නොහැකිවූ අයෙකුට කිසිදිනක මගඵල නොලැබේද * පජානාති - නප්පජානාති - අප්පජානතො යන කරුණු පහදා දෙන්න * තත්ථ තත්ථ විපස්සති සහ භවිස්සති ගැන පහදා දෙන්න * අනුසය - ආසය- ආසව - ගැන පහදා දෙන්න * ධම්ම උද්දච්ච විග්ගහිත යනු කුමක්ද * පටිච්චසමුප්පාද විග්‍රහයේ පෙන්වන නාමරූප වෙනත් තැන්වල විග්‍රහ කරද්දී වෙනසක් තිබේද * පටි-ඉච්ච- සං- උප්පාද වචනවල ධර්ම අර්ථය පහදා දෙන්න * හේතුං පටිච්ච සංභූතං හේතු භංගා නිරුජ්ජති සහ සබ්බපාපස්ස අකරණං ගාථාවෙන් පෙන්වන්නේ එකම ධර්මයද * විහිංසා විතක්කවිචාර උදුරා දමන්නේ කෙසේද * පජානාති වියහැක්කේ නිච්ච සුඛ අත්ථ තමා තුලින්ම දැකගත් අයෙකුට පමණද * දහම අසා ඇතත් ද්වේශයක් මතු වෙද්දී වහාම එය මැඬවපත්වන්නට හෝ මෙත්තානුස්සතිය වැඩීමට අපහසු වන්නේ ඇයි * තුන් ආකාර වූ අනුසය ඉවත් කිරීමට තිලක්ඛණය භාවිතාවේදී බුද්ධානුස්සතිය වැඩිය යුතුද නැතහොත් ඉබේම වැඩෙනවාද * ආනපාන ප්‍රාණයාම පුරුදුකළ අයෙකුට නිවැරැදි ආනපාන සති සමාධි භාවනාව කියා දෙන්නේ කෙසේද * යම් නිමිත්තක් නොමැතිව නිදහස්ව සිටින අවස්ථාවක දීඝංවා ලෙස තැන්පත් කරගත් ගති මතකයට ගෙන එය සතර කමටහන් වැඩීමට යොදාගැනීම සුදුසු ද * සතරකමටහන් වඩන විට අතීතය හිස් පිටුවක් ලෙස දැකීම වරදක්ද * අලමරීය ඥාණදර්ශන විශේෂය යනු පහදා දෙන්න >>>

ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව (2022-07-11)

භව - භවං- භවෝ සහ භව නිරෝධෝ * ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමිගේ කාර්‍යභාරය සහ ධර්ම සංගායනා * සං - සංදේශනාව - සං - ඛ්‍යා - සංගායනා * හෙළ වංශකතා සහ ත්‍රිපිටකය ග්‍රන්ඨාරූඩ කිරීම * ඉන්දියාවේ බිහිවී වැඩුනු මහායාන දහම * බිංදුසාර රජු - අසෝක රජු - ධර්ම රාජ්‍ය ගැන අදහස * දේව හෙළයෙන් යක්ඛ හෙළයට හඳුන්වා දුන් බුදු දහම * අධිගමයට මඟ පෙන්වන මාගධී බස * මාගධී බසින් පැරණි හෙළ බසට උරාගත් වචන රැසක් සහ බස් වහර දෙකෙහි අර්ථ ධර්ම නිරුක්‍ති විභේදනයන් පිළිබඳ * අනිච්ච- දුක්ඛ -අනත්ථ- තිලක්ඛණය, අනිත්‍ය - දුක්ඛ -අනාත්ම - ලෙස විකෘති කිරීම ගැන * උගත් පණ්ඩිතයින් විසින් ධර්මයට සංස්කෘත බස මුසු කිරීමෙන් අර්ථ දර්ම වෙනස් වීම නිසා නිවන්මඟ වැසී යාම * කය සහ කාය අතර වෙනස * අර්ථ ධර්ම නිරුක්ති සහිතවූ නිවැරදි ධර්මය නැවත මතුවීම* රට දැඩි ආර්ථික සහ සමාජයීය ගැටළු රැසක ගිලී ඇති දුෂ්කර අවස්ථාවේ ඉන් මිදීම පිණිස දහම තුලින් ලැබෙන උපකාරය * රටට යහපතක් වේවායි අධිෂ්ඨාන කරමින් සත්‍යක්‍රියා බලයක් පැතිරවීමේ වටිනාකම>>> ජාතිපි දුක්ඛා යන්න පැහැදිලි කර දෙන්න * දින හතක් තුල අනුසය බිහි නොකර සිටීමෙන් සෝවාන්, සකෘදාගාමී ආදී මගඵල පූරණය කළ හැකිද * විචිකිච්චාව යනු විඤ්ඤාණ චිත්තයේ කිළිටි වූ කැමැත්තට නැවත නැවතත් බැඳීම නම්, එය ප්‍රහාණය කිරීමෙන් කාමරාග පටිඝ ප්‍රහාණය නොවන්නේ ඇයි * ඨාන, උට්ඨාන, අධිට්ඨාන ගැන පහදා දෙන්න * කායික රෝගයක් නිසා සිතේ ඇතිවන භය නැති කරගැනීමට සතර සතිපට්ඨානයේ යෙදීමෙන් හැකිද * බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජාවක් තැබීම පිනක්ද - එය නිවනට හේතු වේද * ෂට් ශාස්තෲ වරු හිටියේ කුමන ප්‍රදේශයකද *උපකාරක,උපපීඩක, උපඝාතක, උපස්ථම්භක කම්ම ගැන පහදා දෙන්න * යම් අයෙකුට කරදරයක් වෙනු දැක දැක මඟහැර යාම ණයවීමක් ද * රාග ද්වේශ මෝහ තුනින් වඩාත් බලවත් වෙන්නේ ද්වේශයද * සිඟන්නෙකුට මුදලක් දී එසේ සිඟමන් යැදීම ගැන ඔහුට දොස් කීමෙන් තමන්ට වන ඵලය කුමක්ද * ථිනමිද්ධයෙන් සහ උද්දච්ච කුක්කුච්ච,විචිකිච්චිතාවෙන් ඉවත්වන ආකාරය පෙන්වා දෙන්න* සමහර අය, පිටසක්වල ජීවීන් සහ වසවර්ති මාර සංකල්ප මතුකරමින් අනාගතයේ ගෑස් සහ ඉන්ධන නැත්තටම නැති වනබව කියයි, ඒවායේ සත්‍යාසත්‍ය භාවය ගැන පහදා දෙන්න >>>

ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව (2022-07-10)

යුඥ්ඦති අනුයුඥ්ඣති වූ අනුගමනීය පටිපදාව * අස්සුතවත් පෘතග්ජන පුද්ගලයා සහ සුතවත් අරියසාවකයා තුල අටලෝදහම කෙරෙහි සහ තිලක්ඛණයේ ද්වතාවය කෙරෙහි දැක්මෙහි වෙනස * තනි තනිවත් සාමූහිකවත් කරන හේතු වලට ඒ ඒ ආකාරයටම ඵලයන් උරුම වීම * ඵලය කෙරෙහි නොඇලී නොගැටී කටයුතු කළයුතු බව * මහායාන මතය සමාජයට දේශනා කිරීමෙන් උපාදානයෙන් මිදී නිදහස් වන මාර්ගයත් පිරිසිදු ධර්මයත් වැසෙන බව * චතුඅරිය සච්ච අවබෝධ කිරීමට කැපවූ - සමුදය නිරෝධ කරන අරියසාවකයා සහ උපසංපජ්ජ විහරති නොවූ, සමුදය බිහිකරන අස්සුතවත් පුද්ගලයා * වෛතුල්‍යවාදී මහා සාංඝීක ආදී නිකාය අදහස් නිසා පින්කම් සහ දෙව් - බ්‍රහ්ම සැපද, ධ්‍යාන සුව උපාදානයද නිසා නිවන් මඟ යටපත්වී යාම * තම තමාගේ සිත පවිත්‍ර කරගැනීමෙන් සචිත්ත පරියෝදපනං වීම * ඒ සඳහා "සං" තේරුම් ගැනීම සහ සංවාරණය කර, සංවර වීම * සතරසතිපට්ඨානය පූරණය පිණිස අනුගමනය කළයුතු ආනපාන සති සමාධි ඒකධම්මො භාවිතො බහුලීකතෝ කිරීම * අනුප්පාදනිරෝධයෙන් සමුදය නිරෝධ කිරීම * සත්‍යක්‍රියාවක් බලගැන්වීමට සුදුසු නිකෙලෙස් පුද්ගලයෙක් බවට පත් වීමට කළයුත්තේ කුමක්ද යන්න * සියලු රටවාසීන් සහ පාලක පිරිස් වල ක්‍රියාවන්, රටට සහ වැසියාට යහපත පිණිසම වේවායි අධිෂ්ඨාන කිරීමේ යහපත * ප්‍රශ්න >> බුද්ධ ශක්තියට අනුගත වූ සෝතාපත්තියට පත්වූ අයෙක් රටේ නායකයා විය හැකිද * උප්පාදෝපි වයෝපි සහ සමුදය ධම්මාවා වයධම්මා යන දෙකම අරුත එකක්ද * අනිච්චාවත සංකාරා ගාථාවේ උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති යන්නෙහි අරුත කුමක්ද * සමහර සිද්ධස්ථානවල බුද්ධපූජාව තැබීමේදී තේවා ශබ්ද පූජා නාදයන් නිසා සියුම් සත්වයින්ට හිරිහැරයක් වේද * රෝගීව අසාධ්‍යව රෝහලේ සිටින මගේ මවගේ දිවි බේරීමට නොහැකි බැවින් ජීවිතාධාර උපකරණ ගැලවීමට වෛද්‍ය වරයා නිර්දේශ කරන විට ඊට අනුමැතිය දීමෙන් ආනන්තරීය කර්මයක් වේද * ධර්මය මතුවී ඇති මේ අවස්ථාවේ, නිවැරැදිව මඟ අනුගමනය කරන අයෙකුට නොපෙනෙන තැනකින් බුද්ධ ශක්තියක් ලබා ගත යුතුද * දීඝංවා ලෙස එන අරමුණකට චතුරාරක්ඛා වඩන්නේ කෙසේද * අධිවාසනා පහාතබ්බා සහ පරිවජ්ජනා පහාතබ්බා ගැන පහදා දෙන්න * චේතනා සහ මනසිකාර අතර වෙනස කුමක්ද * බුදුගුණ පාඨයේ එන අනුත්තරෝ පුරිසධම්මසාරථි යන්න එකක්ද දෙකක්ද * සුතවත් අරියසාවකයෙක්ගෙන් විශ්වයට නිකුත්වන සුදුකිරණ ශක්තියේ බලවත් කම පහදා දෙන්න * ධර්මය භාවිතාවට ගැනීමත් සමඟ බොහෝ බාධක එන්නේ ඇයි * මහියංගනයේදී කළ සිරිදෙසුම ගැන විස්තර කර දෙන්න * බුද්ධ පූජාවේ තැබීමේදී පාත්‍රාවේ ප්‍රමාණය කුඩා වීම වරදක්ද * අහෝසිං අතීතමද්දානං හෝ - අනාගත මද්දානං හිතට ආ විට ඉන් මිදී නිදහස් වන්නේ කෙසේද * සත්තට්ඨාන කුසල සූත්‍රයේ පෙන්වන තේ සුප්පටිපන්නා යේ සුප්පටිපන්නා සහ තේ ඉමස්මිං ධම්මවිනයේ ගාධන්ති යන්නෙහි අරුත කුමක්ද >>>>

​ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව (2022-07-09)

~~ අධිට්ඨානමය සත්‍යක්‍රියාව ~~ විෂම චක්‍රයක සිරවුනු හෙළබිම වාසීන්ට සචිත්ත පරියෝදපනං වී දුකින් මිදී නිදහස් වීම පිණිස පෙන්වන මාර්ග චරියාව * දහම ලෙස වෙස් ගත් ආගම් සංකල්ප ඉන්දියාවේ ආභාසය ඇතිව හෙළබිමේ ප්‍රචලිත වීම * පින සහ ධ්‍යාන උපාදානය, නිවන් මඟ ලෙස ගැනීමෙන් පුබ්බේ අනනුස්සුතේසූ ධම්මේසු යටපත් වීම * යුධමය වාතාවරණය අවසන් වීමත් සමගම නැවත, සංදේශනාව - චතු අරියසච්ච සහ සමුදය නිරෝධය සමඟ නිවැරැදි දහම මතුවීම සහ උග්ගටිතඥ්ඥ වූ පිරිසක් මතුවීම* සද්දස්ස කුලපුත්තස්සයිනට උපකාරී වන චත්තාරිමානිඨානානි නැවත හඳුනා මතුකිරීම * ධර්මය මතුවූ අවස්ථාවේ පාලක පිරිස් - ආගමික පිරිස් සහ යම් රාජ්‍ය නිලධාරීන් පිරිසක් සම්මත හිමිවරු සමඟ එකතුවී සැබෑ බෞද්ධ ස්ථාන යටපත් කිරීමට කටයුතු කිරීම ගැන - සද්ධර්මය යටපත් කිරීමට කටයුතු කිරීම සහ කල්ප විනාශයකට හේතු සකස් වීම * එකිනෙකා වෛරී චේතනාවෙන් මත් වීම - එම ගිනි නිවීම පිණිස සත්‍යක්‍රියා බලයක් පතුරුවීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය * ධර්මයෙන් තොරව කෙරෙන රාජ්‍ය පාලනයකින් රටකට යහපතක් නොවන බව * රටක් යහපත් වීමට නම් , රාජ්‍ය නායකයා ඇතුළු පාලකයින්,රාජ්‍ය නිලධාරීන්, පමණක් නොව රට වැසියන්ද දැඩි උපාදානයෙන් තොරව කටයුතු කිරීමෙන් වන යහපත - සීමාරහිත ආසාවන් පසුපස හඹායෑම නැවතිය යුතු බව * මිනිසුන් විසින්ම සකසාගත් මේ ව්‍යසනයන්ගෙන් මිදී නිදහස් විය හැක්කේ තමා විසින්ම බව වටහා ගත යුතු බව * මේ රාග - ද්වේශ - මෝහය හේතුකොට ඇතිවූ ව්‍යසනයන්ගෙන් මුළු රටම මුදාගැනීම පිණිසම සත්‍යක්‍රියා බලයක් පැතිරවීමෙන් වන යහපත * අනිස්සිතෝච විහරති නච කිංචිලෝකේ උපාදියති බව යථාභූත ඥාණයෙන් දතයුතු බව * රට කරවන සියලු නායකයින් සහ , රාජ්‍ය නිලදරුවන්ද රටේ සියලුම පුරවැසියන්ද අතර එකිනෙකා කෙරෙහි වෛරී සහ පළිගැනීමේ අදහස් ඉවත්කොට රටට යහපත් වේවායි අධිෂ්ඨානයෙන් ක්‍රියා කිරීමේ වටිනාකම* ප්‍රශ්න >> කේවට්ට සූත්‍රයේ ඇති සමාදියාමී සහ සමාදපේති ගැන පහදා දෙන්න * දැඩි උපාදානය සහිත දිට්ඨි විපල්ලාසයන් ඇති පුද්ගලයන් සමඟ නිරෝධගාමිණී පටිපදාවේ යෙදීමේදී ඒ අයව පරිවජ්ජනා කළයුතුද * පින යනු සිතතුල ඇතිවන සංචේතනාවක් නම් ඒ පින අන් අයට පැවරිය හැකිද * සංඥා යන වචනය අරුත් ගැන්වෙන්නේ කෙසේද * ගෙවතු වගාව සඳහා පොළොව කෙටීමේදී සතුන් මරණයට පත්වෙන විට ණය වීමක් සිදුවේද * සූවිසි පට්ඨානය පිළිබඳ අර්ථ ධර්ම පහදා දෙන්න * පංච උපාදනස්කන්ධයේ සහ නාමරූප විග්‍රහයේ වේදනා සහ සංඥා විග්‍රහ කරන ආකාරය පහදා දෙන්න * මනෝමය කායට මම ලෙස කිව නොහැකිද - ධාතු භූත වලින් සැදුම් ලත් ශරීර කූඩුවකට මනෝමය කාය සහ ජීවය ඇතුල් වෙන්නේ කිනම් අවස්ථාවකද * බුද්ධ දේශනාවේ අකාලිකෝ ලෙස පෙන්වූයේ කුමක්ද * සමහර සතුන් ලෝකයෙන් වඳවී යනවා යන්න ධර්මානුකූල පහදා දෙන්න - උන්ගේ මනෝමය කායට කුමක් වේද * මස් මාංශ අනුභව කරන අයෙකුට සත්‍යක්‍රියාවක අධිෂ්ඨාන බලය එලෙසින්ම ප්‍රතිඵල ලැබේද >>>

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38 39 40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256